1️⃣6️⃣ වන දිගහැරුම

Start from the beginning
                                    

නමුත් ,
ඊට වඩා දශමයක් හරි වැඩියෙන් ඒ හිත කේශ්වරට ආ⁣දරේ උනු වග ඇත්තක්.
ඕ නිදිබරිත දෙනෙත් පියාගත්තේ මතක වලට එන්න ඉඩදිලා...

දින ගණනක් නිදි නොලද ඔහු දැන්  සුව නින්දක.....
අපමණ වෙහෙසටපත් ගතත් සිතත් මොහොතකට නිවුනා,
පියවුන දෙනෙත් අස්සේ බේරුන කදුළු බිංදුවක් සයනයේ සැගවිලා ගියේ මහින්සටත් හොරාමයි.

__________🍂

#කේශ්වර

" තමුන්ට හොදටම විස්වාසයි නේ දැන් තමුන් කියපු දේ ගැන "



" ඇයි මහත්තෝ එහෙම අහන්නේ , මං කිවේ ඇත්ත තමා,
දිශාන් මහත්තයා ඇක්සිඩන්ට් වුනේ නැ...
රණබාහු මහත්තයා ඇක්සිඩන්ට් කරෙව්වා "



" තමුන් කියපු වචනයක් ගැනේ මේකේ රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා මතක තියාගන්නවා "




" අනේ මහත්තයෝ රණබාහු මහත්තයා මේක දැනගත්තොත් මාව ඉතුරු කරන එකක් නැ...
පිටින් පේන මනුස්සා නෙවේ ඔය රණබාහු කියන්නේ "


" ඒක මට තමුන් කියන්න ඕනි නැ... මං හොදට දන්නවා
තමුසේ බය නොවි ඉන්නවා , හෙටින් පස්සේ මේ ඔක්කොම ප්‍රශ්න විසදෙයි ...
මෙතන ඇති සල්ලි ටිකක් , ටික දවසක් යනකම් තමුන් මේ විදියට හැංගිලා ඉන්නවා ..."



" බොහොම ස්තුතියි මහත්තයා ! ඒවගෙම මට සමාවෙන්න "




" ඇයි තමුන් සමාව ඉල්ලන්නේ "



" අා... මාත් මේ වරදට එක පැත්තකින් වරදකාරෙයක්නේ මහත්තයා ඒකයි,
අනික මං දන්නේ නැ හොද මිනිස්සුු මෙච්චර ඉක්මනින් මේ ලොකෙන් යන්නේ අැයි කියලා "



" කවුද දැන් හොද ? "



"මං කිව්වේ මේ දි... දිශාන් මහත්තයා වුනත් හරි අහිංසක හොද මහත්තයෙක්.."



" ම්...."


" මහත්තයාත් පරිස්සම් වෙන්න "

" හරි එහෙනම් මං යනවා "



" මහත්තයාට පුළුවන් නම් මාව හංදියේ කඩේ ගාවින් බස්සගෙන යන්න  "



" ලොකු වැස්සකුත් එන්න එන්නේ , කොහොමද මේ වැස්සෙ ගිහින් එන්නේ "




අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now