1️⃣4️⃣ වන දිගහැරුම

Börja om från början
                                    

දිශාන්ගේ මරනෙවත්, ඒ හා සම්බන්ධ කිසිම දෙයක් වත් මහින්සට ඇහුණේ නැ ....
මහින්සගේ පියා ඒ සියල්ල ඉවත් කර තිබුනා ...

තාම ඇහුන දේ විස්වාස කරන්න ඒ හිත ලැස්ති නැති හැඩකි... කෙසේ නම් විස්වාස කරන්න ද ?

' ඔහු තමාව පාවිච්චි කලා '  යැයි කියන එක ....

මුළු හිතම ඔහුව විස්වාස කරද්දී ......
මහින්ස හැදුවේ ඔගෙන්ම අහලා මේ ගැන දැනගන්න,
යන්න හදපු ගමන.නතර කරන්න මහින්සට ඕනී වුනේ නැ..

" ඔහොම නවතිනවා ! "

ආයේත් පියාගේ හඩ.......

" තමුන්ට ආරංචි වෙන්න ඇතිනේ, මේජර්ගේ පොඩි එකාට අර වයසක.ගැණිටයි වෙච්ච දේ ,
එහෙමනේ ?? එකනේ මේ තදියමේ යන්න හදන්නේ ? "


" තා..ත්..තා...  ඔයා   ක්..කොහොමද ඒ ගැන ද..න්නේ ? "



" තමුන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මං බැදිලා නැ සයුල් ,
මේ ටිකත් හොදට අහගෙන යනවා, තමුන් තමුන්ට ඕනි විදහට වැඩ කරොත් අර නොදරුවාට තව තවත් රිදෙයි,  "



" ත්..තාත්තා ඔයා ... ඔයාද එහෙම කරේ , ??? "



" තාම මං මොකුත් කරේ නැ සයුල් ,
ඒක පොඩිම පොඩි අනතුරක් විතරයි තේරුනා ද ?
ඒක දෙන්නටම දෙන වෝනිං එකක් කියලා හිතාගන්න.. තමුන් හොදටම දන්නවා මේ තාත්තා කවුද කියලා "


" තාත්තා !! ඔයා කොහොමද ඔච්චර දරුණු ආ..
අනික අර කිසිම දෙයක් නොදන්න දරුවෙක්ගේ ජිවිතේ,
ඔයාට...ඔයාට ඒක සෙල්ලමක්ද ආ...!
ඔයත් තාත්තා කෙනෙක් ද ..  ඒ නොදරුවාගේ තාත්තාට මේක කෙහොම දැනෙයිද කියලා ඔයා නිකමටවත් හිතුවද ? "

" තමුන් ඒ පොඩි එකා⁣ගේ තාත්තා නොවී ඉන්න තාක් කිසි  ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි  , මං කියන විදිහට තමුන් වෙඩින් එකට ලැස්ති වෙනවා ,
එතකන් මේ ෆෝන් එක මං ළඟ තිබුණ දෙන් "



" තාත්තා ... ඔයාට බැ මෙහෙම කරන්න ,
අනික ...අනික මට බැ මැරි කරන්න , ඔයා හොදටම දන්නවා මං ගැන "


" තමු⁣න්ගේ ඔය මනස්ගාත ඔළුවෙන් අයින් කරගන්නවා සයුල් , මං ඉන්නකන් තමු⁣න්ගේ හිතේ තියන දේවල් වෙන්න මං ඉඩ දෙන්නේ නෑ..  "


අමාවක සඳ 🌙 Ongoing Där berättelser lever. Upptäck nu