#6-Monkey's Neverland

Start from the beginning
                                    

මේ වෙද්දි එයාගෙ කාමරේ ඇඳ පිරෙන්නම හිස් කෑම භාජන,කෝප්ප වගේ දේවල් ගොඩක් තිබුනා.අර හවුස් කීපර් කීවත් වගේ බොම්ග්‍යුට කෑම ගෙනත් දීලා මදිනම් තවත් දෙන්නම් කීවෙ බොම්ග්‍යු ඒ තරම් කෑමට ප්‍රිය කෙනෙක් නෙවෙයි කියලා නොදැන.

අන්තිමට බොම්ග්‍යු ඒ ගෑනු කෙනා ඒවා අස් කළයින් පස්සෙ බාතෲම් එක අස්සට ගිහින් හොඳට වොශ් එකකුත් දාන් චේන්ජ් කරගෙන ආයෙම ඇඳට සම්ප්‍රාප්ත වුනේ අර හෙට් සෙට් දෙකත් කනේ ගහගෙනමයි.ඇත්තටම කීවොත් බොම්ග්‍යු කියන්නෙ තනිකරම සංගීත පිස්සෙක්.ඒ වගේම ඉවරයක් නැතුව කියවන්න පුළුවන් කටක් තියෙන ආතල් කොල්ලෙක්.

මේ වෙලාවෙ අර එක්කෙනෙක්ට චැලේන්ජ් කරන්න ගිහින් පෘථිවියේ හිරවුනු ක්ලවුඩ් ඒන්ජල් හිටියෙ යන්තම් අර කුරුල්ලගෙ පිහිටෙන් ආයෙම ගෙදර ගිහින්.

කුරුල්ලා කොච්චර හොඳයිද කීවොත් ඒ ඒන්ජල්ව ගිහින් අතෑරියෙ කෙලින්ම අර ජුන් චෝයිගෙ ටියුලිප් වත්තටමයි.

සාමාන්‍යයෙන් පෘථිවි කුරුල්ලෙක්ට එහෙට එන්න බෑ.ඒත් මෙයා එහෙට ආවෙ කොහොමද කියලා ඔය ඒන්ජල් දැනන් හිටියෙත් නෑ.අනික තමයි එයා ඒ ඒන්ජල්ව අතෑරිය ගමන්ම කල්වුඩ් ජීවින්ගෙ සයිස් එකට ස්වරූපෙ වෙනස් කරගත්තා.

?? : ආහ්හ් !! ඔයාට මට රිද්දුවා බ්ලූ බර්ඩ් !! ඔයා දන්නවද? මම ඒනජ්ල් කෙනෙක් හරිද?? ආව්..

අන්තිමට ඒ කෙල්ල එයා වගේ තුන් හතර ගුණයක් ලොකු ටියුලිප් මලක පෙත්තක් උඩ ඉඳන් අර කුරුල්ලට පොඩි සද්දයක් දැම්මෙ අක්කර ගානක් ලොකු ටියුලිප් වත්තක පේන මානෙ වෙන ඒන්ජල් කෙනෙක් හිටියෙ නැති නිසා.

Jun choi : පුහ් ! අපි දැනන් හිටියෙ නෑනෙ නේද මේ ඒන්ජල් කෙනෙක් කියලා? හහ් හහ් !

ඒ වෙලාවෙම වගේ ජුන් චෝයිත් අර ටේ කැන්ග් එක්ක ඒ පැත්තට ආවෙ අර කුරුල්ලා අහසෙ ඉන්නවා දැකලා.ජුන් චෝයිලා ආව ගමන් අර කුරුල්ලා එයාලා ළඟට පියාඹලා ගිහින් එයාලව පිටට නග්ග ගත්ත නිසා අර කෙල්ලට ඒ ගැන සැක හිතුණා.

?? : බ්ලූ බර්ඩ් !! එතකොට ඔයා????

Jun choi : ඇයි එයාවත් අයිති කරගන්න හිතුනද? ඒවා හඳේ හරිය !!??

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now