#6-Monkey's Neverland

65 17 159
                                    

Continuing someone's pov...

කොහොමහරි කෝගා අන්තිමට නතර වුනේ යුකීලගෙ බෝඩින්ග් හවුස් එක ළඟ.මවුන්ටන් ටුවෙන්ටි ටූ එකේ ඉඳන් එතනට වැඩි දුරක් තිබුනෙ නැති වුනත් කෝගට නම් ඒක දැනුනෙ හැතැම්ම ගානක් දුරින් තියෙනවා වගේ.

Koga : ආ නම්කියා...! යුකී කියලා එක්කෙනෙක්ව එහෙම දැක්කෙ නෑද? යූ ක්නෝ? ඔය කෙල්ලට හොඳටම පිස්සු.මේ මවුන්ටන් ටුවෙන්ටි ත්‍රී එකෙන් ඉක්මනටම යවන්න වෙයි.මං මේ අත්දැකීමෙන් කියන්නෙ සිස් !

කෝගා ගේට් එක ළඟට වෙලා ඒ පැත්තට කුරුමාණම් අල්ල අල්ල ඉද්දිම රූෆ් ටොප් එකේ හිටිය කෙල්ලෙක්ව දැකලා අතකුත් වන වන එහෙම කීවෙ ඉක්මනට යුකීව හම්බෙන්න ඕනි නිසා.

කෝගා ඔය අඳුනනවා වගේ කතා කළාට එයා ඔය කාවවත් දැනන් හිටියෙ නෑ.අනික ඔය බෝඩින්ග් හවුස් එකේ වැඩ බලන්න හිටිය ගෑනු කෙනා හෙන වසයි කියලා දැන දැනත් කෝගා කෙල්ලොන්ට ටෝක් කරන්න බය වුනෙත් නෑ.

?? : ෂ්... ! කෑගහන්න එපා හලෝ !! ආංටිට අහු වුනොත් හම ගලවයි ! යුකී දැන් ටිකකට කලින් එලියට ගියා.ඔයා කව්ද?මොකටද යුකීව හොයන්නෙ?

Koga : වට් ආ යූ ටෝ(ල්)කින්ග් අබවුට් !??? සිරාද? කොහෙද මයි යුකියා ! ෂික් !! මේ ගෑනු කියන සංහතියම එකයි.කියන දේ නෙවෙයිනෙ කරන්නෙ ! යථාවාදි තථාකාරි වෙන්න කියලා බණ නම් අහයි සැදැහැවත්තු වගේ ඉඳගෙන ! ඒත් ඒවා ප්‍රැක්ටිකලි කරන්න ගියාම ඔය බණේ කොහෙන් යනවද දන්නෑ !!

අන්තිමට කෝගා ඒ විදියට තනියම කියව කියව කකුලත් සද්දෙන් පොළොවෙන් තියලා ආපහු ටුවෙන්ටි ටූ පැත්තට යන්න හැරුනෙ අර කෙල්ලට උත්තරයක් නොදීමයි.

මේ වෙද්දි ටුවෙන්ටි ටූ එකේ හිටියෙ බොම්ග්‍යුයි තව කොල්ලො දෙතුන් දෙනෙකුයි විතරයි.අනික් හැමෝම වගේ මේ වෙද්දි තම තමන්ගෙ වැඩවලට යන්න පිටත් වෙලයි තිබුනෙ.

Keeper : සර්? තව මොනාහරි ඕනිනම් කියන්න.

Beomgyu : තවත් නම් මොකුත්ම එපා ෂුඩූ ! මට කියලත් තියෙන්නෙ බඩක්නෙ? මේක බැරල් එකක් වගේ වුනානම් කන්න තිබ්බා ඕනි තරමක්.ඒත් ඉතින් කෑවත් ආමාශෙනෙ නතර වෙන්නෙ.හරි ඒකත් වුනා කියමුකො? තව ටිකකින් අර අග්න්‍යාශයද මොකද්ද එක අර කොළයක් වගේ තියෙන්නෙ? අන්න ඒකට ගිහින් එතනත් නැටුමක් නටලා අන්තිමට බඩවැල් අස්සෙන් ඇඹරි ඇඹරි ගිහින් දන්නවනෙ ඉතින් අන්තිමට වෙන දේ? සෝ ආංටි කෙල්ලේ.. අදට මේ ඇති.

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now