8.

66 19 19
                                    

ජන්ග්කුක්ගේ ලෝකයේ අශ්වයන් කියන්නේ ඉතාමත් දුර්ලභ සත්තු ජාතියක්. එහෙත් ජන්ග්කුක් කුමාරයෙක් නිසා ඔහුගේම කියලා අශ්වයෙක් හිටියා වගේම අශ්වයන් හැසිරවීමේ පුහුණුවත් ඔහුට ලැබුණා. ඒ නිසා ජේජිල් ගමේ වේගවත්ම අශ්වයාව හැසිරවීම ඔහුට අපහසු කාරණයක් වුනේ නෑ.

වේගයෙන් ඉදිරියට යන අශ්වයාව හරි විදියට පාලනය කරමින් ගිය ජන්ග්කුක් හිටියේ තවත් ප්‍රශ්න ගොඩක හිර වෙලා.

'ඒ මිනිස්සු මට එච්චර හොඳට සලකලා ග්‍රේලන්ඩ්වලට යන්න සිතියමකුත් දුන්නේ ඇයි? අනිවාර්යයෙන්ම මේක උගුලක්! අපිට වඩා එයාලා ග්‍රේලන්ඩ් ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් එහෙම එකේ මාව මාරයාගේ කටට මෙච්චර හොඳට සරසලා කවලා පොවලා යවන්නේ...මේ මිනිස්සු හැසිරුනු විදියට ඇයි මට හිතෙන්නේ මන් එන බව එයාලා කල් තියාම දැනන් හිටියා කියලා...'

"දෙයියනේ!"

ජන්ග්කුක් අශ්වයාව නවත්තන ගමන් මහ හඬින් කිව්වේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"තමුන්ගේ මහලොකු ජේජිල් ගමේ අය මාව මරන්න නේද මේ යවන්නේ? තමුන්ලා කොහොමද මම එනවා කියලා දැනගත්තේ?"

ජන්ග්කුක් ඔහුගේ ප්‍රශ්න යොමු කළේ අශ්වයාට.

"අයියෝ මටත් පිස්සු! දැන් මන් මොකද කරන්නේ? මන් එනවා කියලා දන්නවානම් එයාලා දැනටමත් ලෑස්ති වෙලා ඇති. මාව කෙලින්ම ටේහ්‍යුන්ග් දවල් කෑමට ගනීවි."

ජන්ග්කුක් අශ්වයාගේ පිටෙන් බැහැලා එහෙටත් මෙහෙටත් ඇවිදින්න ගත්තේ කිසිම දෙයක් හිතාගන්න ගන්න බැරුව.

"මමත් ඉතින් හොඳට සලකද්දි රැවටුනානේ. ආහ්!"

සිතියමෙන් ග්‍රේලන්ඩ් වෙත යන්න වෙනස් මාර්ගයක් හොයන්න ජන්ග්කුක් උත්සහ කළා. ඔහු සාර්ථකයි! සිතියම් හොඳින් කියවන්න පුළුවන් ජන්ග්කුක් හොයාගත්තා ග්‍රේලන්ඩ්වලට යා හැකි මාර්ග තුනක්. ඔහු යන්න ගිය මාර්ගය ඉන් ලේසිම එක වුනා.

ඒ මාර්ගය අනතුරුදායකයි කියලා හිතුව ජන්ග්කුක් තෝරාගත්තේ අපහසු මාර්ගවලින් එකක්.

"මගේ වැඩේ ඉවර වෙනකම් මට අහු වෙන්න බෑ."

දින ගණනක් පුරාවට අශ්වයෙක් එක්ක කතා කරමින් ඉදිරියට ඇදුන ජන්ග්කුක්ට ඒ වෙනකොට ඒශ්මෙන්හි පරිසරය හිතය අල්ලලා තිබ්බා.

Rifted [Taekook]Where stories live. Discover now