Intro.

302 39 41
                                    


පෘථිවිය තුළ බිහිවූ ලෝක දෙකක්.

ප්‍රිලේපියාව සහ ඒශ්මෙන්...

අවුරුදු එකසිය විසි ගනනකට පෙර වෙන් වූ මිනිස්සුන් දෙකොට්ඪාසයක්.

"ප්‍රිලේපියාව හිරු එළියෙන් නැහැවී යද්දි එහි මුහුද නිල් පැහැයෙන් බැබළෙද්දි එහි මිනිසුන් ටිකෙන් ටික දියුණුව අත් පත් කරගනිද්දි ඒශ්මෙන් ගිලගත්තේ අන්ධකාරය.

ඒශ්මෙන්ට පෑයූ ඉර පවා පැතිරවූයේ අන්ධකාරය. එහෙත් ඒ දුර්වර්ණ හිරු එළියවත් නොලැබෙන රාජධානිය වූයේ ග්‍රේලන්ඩ්. එය බැලූ බැල්මට සොහොන් පිට්ටනියක්. අඳුරෙන් වැසීගිය ප්‍රදේශයක්.

එහි මළ නොමළ මිනිස්සුන් දෙගොල්ලෝම ජීවත් වූහ.

  රන් රිදී ආභරණයන්වලට ගිජු ඒශ්මෙන්හි අධිරාජයයා යැයි සැලකෙන කිම් ටේහ්‍යුන්ග් දිවා රාත්‍රී භෝජන සඳහා මිනිස්සුන්ගේ සහ සතුන්ගේ හදවත් ආහාරයට ගන්නා මනස විකෘති මිනිසෙකි....

...ඔහුගේ පරම්පරාවේ සියළු දෙනා භයානක වුවත් මොහුයි ඔවුන්ගෙනුත් භයානකම.

මේ රාජධානිය තවත් එවැනි භයානක සත්තවයන්ගෙන් පිරුණක්.ග්‍රේලන්ඩ් හි ජනතාව සතුට යන වචනය ද නොදන්නේ ඔවුන් ජීවත් වන්නේ මිහිපිට අපායක බැවින්."

බලවත් අධිරාජ්‍යයෙකුගේ ආශාවක් ඉටු කිරීමේ අරමුණින් දිගු ගමනක් යාමට සැරසෙන මුරණ්ඩු දඩයක්කාර තරුණයෙක්.

ඔහුගේ දීර්ඝ ගමන කෙළවර ඔහු බලාපොරොත්තු නොවූ දේවල් කොතරම් තියේවි ද?

ඔහු සොයා යන්නේ එක්තරා පොතක්.

එය සොයාගෙන නැවත ඒමේ අටියෙන් යන ගමනේ නැවත ඒමක් තියේවිද?

"මේ සියල්ල මේ විදියට වෙන්නේ ඔවුන්ගේ එක් වරදක් නිසා..."

ඒ සිදු වූ වරද කුමක් ද?

එය වූයේ කා අතින් ද?

..................................................

මේවා දැනගන්න ඉතින් පොත කියවන්න ඕනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේවා දැනගන්න ඉතින් පොත කියවන්න ඕනේ.

පොත කියවන්න ඉතින් මන් ඒක ලියන්න ඕනේ.

ඒත් කියන්න දුකයි මට ලියන්න වෙලා නෑ. ඊළඟ අවුරුද්දේ මාර්තු ඉවර වෙනකම්.

මේ පොතට අදහස ආවේ Tinker_bell_03 ගේ The Illusion of Thought පොතේ first collage එක නිසා.

කැමැති අය ගිහින් ඒකෙන් වැඩි විස්තර කියවලා හොයලා බලන්න. 🌝

වැඩිය කියවන්න බෑ. කම්මැලියි.

• A Taekook story ලු ;)

• මේකෙත් කියන්නේ. හොරෙන් ගෙට රිංගලා අමාරුවෙන් හදලා තියෙන ඒවා කාලා හොරෙන්ම යන හොරු මට එපා. තේරුණාද මන්දා.🙂✋

බායි.

~ නෝරා ❤

13.11.2022.

Rifted [Taekook]Where stories live. Discover now