4.

79 21 5
                                    


ජියෝන් ජන්ග්කුක්ගේ ඔටුනු පැඳවීමේ උත්සවය නිසා සියළු දෙනාම කාර්‍යබහුල වෙද්දි ජියෝන් ජන්ග්කුක් ගමනට අවශ්‍ය දේවල් එකතු කරගනිමින් කාර්‍යබහුල වුනා. ජිමින් අන්තිමේදි මිතුරාව මාරයා අසළට යවන්න උදව් කරන්න තීරණය කළේ අසරණකමටම විතරයි.

ජිමින්ගේ සහය ජන්ග්කුක්ගේ වැඩකටයුතු ලේසියෙන් කරගන්න හේතුවක් වුනා. හරියටම ඔටුනු පැලඳවීමේ උත්සවයට පෙරදා රාත්‍රියේ ජන්ග්කුක් මාළිඟයෙන් පැනගත්තේ  ඔහුගේ සහෝදරයා සහ ජිමින් සමඟින්. මාළිගාවේ තත්ත්වය බැලීමට ජන්ග්කුක්ගේ අනෙක් මිතුරාව පත් කළා.

"මොකක්ද මනුස්සයෝ මේ විකාර කරත්තේ? මට රෑට කාපුවා ඔක්කොම වමනේ යයි වගේ."

ජන්ග්කුක් බඩ එක අතකින් අල්ලාගෙන අනෙක් අතින් කට වසා ගනිමින් කිව්වා.

"කට වහගන්නවා! නැත්තම් ඇත්තමයි මේ සැරේ නම් මේ කැළේ ඉන්න සතෙක්ට ඔහේව දීලා මම යනවා."

ජිමින් ත‍රහෙන් කියන ගමන් කරත්තය පදවන්නට ගත්තා. ලීයෙන් සාදා තිබූ ඒ අමුතු කරත්තය ජිමින්ගේ නිර්මාණයක්.

"කට වහන් තමයි ඉන්නේ මෝඩයෝ! මේ අනිත් එකා! මට වෙනුවට හදිස්සියේවත් මුට රජකම දුන්නොත් කතා දෙකක් නෑ මූ අර රජ පුටුවෙත් සැපට නිදාගනියි."

අමුතු කරත්තයේ  දුෂ්කර ගමන ගැන ගානක්වත් නැතිව නිදාගෙන සිටි තම ඥාති සහෝදරයාට කකුළෙන් අනින ගමන් ජන්ග්කුක් කිව්වා.

"මෙතනින් බහිමු. තව ඉස්සරහට කරත්තේ ගෙනිච්චොත් මගේම සෙබළුන්ගෙන් මැරුම් කන්න වෙන්නේ මට."

ජිමින් කරත්තය නවත්තන ගමන්ම කිව්වේ වටපිටාව නීරික්ෂණය කරමින්. ප්‍රිලේපියාවේ රාත්‍රී මුහුදු ගමන් සම්බන්ධව අධීක්ෂණ කටයුතුවලට යොදවා තිබුණු නිළධාරීන් විශාලා පිරිසක් මුහුදු තීරයේ ඒ වෙලාවට සාමාන්‍යයෙන් හිටියා.

ජිමින් සහ ජන්ග්කුක්ගේ සහෝදරයා හෙමින් අඩි තියමින් යද්දි ජන්ග්කුක් කිසි සැකයක් නැතිව වේගයෙන් ඉදිරියට ඇදුනා. අසාමාන්‍ය ලෙස එදා හිටියේ සෙබළුන් දෙන්නෙක් විතරයි.

"මොන පුදුමයක් ද? ඇයි මේ කවුරුවත් නැත්තේ?"

ජිමින් ඇහුවේ ටික ටික එළියට පනින්න දඟලන යක්ෂ ජිමින්ව පාලනය කරගනිමින්.

Rifted [Taekook]Where stories live. Discover now