Jimin ඒ දෙන්නා දිහා හොදටම බැලුවා.. ඇත්තටම ඒ දෙන්නා හෙන ගාම්බීරයි !! දෙන්නාම නපුරු පාටයි.. එත් Jimin ගෙ ඇස් ගියෙ ඊයෙ හම්බුන නපුරු කොල්ලා ගාවට ඔව් ඒ වෙන කව්රුත් නෙවෙ MIN YOONGI ව !! Jimin Yoongi දිහා හොදටම බැලුවා.. එයා Yoongi ව නිරීක්ෂණය කරා.. එයාගෙ ඇග පත හොදටම තිබ්බා.. එයා ලස්සනයි කඩවසම් සරාගියි කොටින්ම එයා හැම දේකින්ම අංග සම්පූර්ණයි !!! එයාගෙ මූණෙ කිසිම හිනාවක් නෑ අඩුම එයා අනිත් කොල්ලා එක්ක කතා කරෙවත් නෑ.. Jimin ට හිතුනෙම එයා හෙන ආඩම්බරකාරයෙක් කියලාමයි.. ඔව් ඒක ඇත්ත අනිවාර්යයෙන්ම !! හැබැයි පූසෙක්ගෙ ලුක් එකකුත් තියනවා වගෙ Jimin ට තේරුනෙ.. එයාට තිබ්බෙ ලස්සන සුදක් !! එත් සුදුමැලියි.. එයා ඕනාවටත් වඩා සුදුයි.. !! එත් Jimin ගෙ ඇස් ආයෙම පාරක් Tea දිහාවට යොමු උනෙ Yoongi ගෙ ඇස් එයාගෙ පැත්තට යොමු උන නිසා.

" Tea.. අ..පි මෙතනින් යමුද ? "

" පොඩ්ඩාක් ඉන්න මම තාම කනවානෙ අහ්.. "

" අනෙ මොකද්ද අප්පා "

" ඇයි දැන් මොකද උනෙ ? "

" යන්කො මට බයයි අරයලා ආයෙ මොනා අහයිද දන්නෙ නෑ "

" අනෙ මේ ඉන්නවා පාඩුවෙ අනික එයලා දැන් රැග් දෙයි.. ඒ නිසා ඉන්නවා නැත්නම් යන්න ගියොත් බැනුම් අහන්න වෙයි.. "

" අහ්... රැග් කියන්නෙ ? "

" ඒ කියන්නෙ එයලා දෙයක් අපිට කියනවා අපි ඒක කරන්න ඕනෙ "

" කියන ඕනම දෙයක් ? "

" ඔව් කියන ඕනම දෙයක් !! "

" අහ් එහෙමද "

" හ්ම් "

" තමුසෙලා ඔක්කොම කලා ඉවරයි නෙ අහ් !! " Jungkook ඇහුවාම Cafeteria එකෙ හිටිය හැමොම ඔලුව වැනුවා..

" එහෙනම් අපි පටන් ගමු රැග් කරන්න.. පෝලිමට වරෙන් !! " Jungkook කිව්වාම ඊලග තප්පරෙම කෙල්ලො කොල්ලො පෝලිමට ආවා..

" හරී.. Yoongi Hyung ඔයා ඔතන ඉන්න හ්ම්.. "

" හරී එහෙනම් උබ " Jungkook කිව්වෙ ලස්සන කොල්ලෙක්ට..

" හ්ම් උබ අහ්.. පැනපන් ගෙම්බෙක් වගෙ මෙතන " Jungkook කිව්වා ඒ කොල්ලා මූණ ඇඹුල් කරගත්තා..

" කෝ ඉතින් කරපන් !! " Jungkook කෑගැහුවාම ඒ කොල්ලා බාගෙට නැවිලා ගෙම්බෙක් වගෙ පැන්නා.. ඒ වෙලෙ Jimin ට හිනා යන්න ආවාත් එයා ඒක තොල හපාගෙන හිනාව හිරකරගත්තා..

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now