09. තුවාල කැළැල්

206 47 22
                                    

ටේහ්‍යුන් දුවලා ගිහින් නම්ජුන් ළඟින් හිටගත්තා. නම්ජුන්න් හිනාවෙලා ටේහ්‍යුන්ගෙ අත අල්ලගනිද්දි ටේහ්‍යුන්  බිම බලාගෙන එයත් එක්කම ඇවිදින්න ගත්තා.

"ඒ නම්ජුනා.. අද එන්නෙ නැද්ද අපිත් එක්ක යන්න" නම්ජුන්ගෙ වයසෙ වගේ කෙනෙක් කෑගහල අහද්දි ටේහ්‍යුන් ඔලුව උස්සලා බැලුවා.

"නෑ. උබලා යමල්ලා.." නම්ජුන් ටේහ්‍යුන්ගෙ අත තදින් අල්ලගන්න ගමන් කෑගහලා ඈතින් නොපෙනී යන කොල්ලො කල්ලියට දැන්වුහම ඒ ගොල්ලොත් නම්ජුන්ට අත වනලා යන්න ගියා.

_

ටේහ්‍යුන් හිටියෙ හොඳටම දාඩිය පෙරාගෙන බිම වැටීගෙන හිනාවෙන ගමන්. නම්ජුන් එක්කලා අත් අල්ලන් වට සීයක් වගේ කැරකුනාම එයාගෙ ඔලුව වටේ මුලු ලෝකෙම කැරකෙන්න ගත්තා. නම්ජුනුත් එයාගෙ එහා පැත්තෙන් ඇලවෙලා හිනා වුනේ දෙන්නගෙම හිනාවල් තණබිමේ පැතිරිලා යනකොට. ලොකු වෙලාවක් උද්‍යානෙට වෙලා පොඩි උන් වගේ නටලා දෙන්නටම හොඳට මහන්සි දැනුනා.

__

"ඔයාට මොනවද කන්න ඕනෙ?" නම්ජුන් ටේහ්‍යුන්ට අවන්හලේ පුටුවක් ඇදලා ඉදගන්න සන් කරන ගමන් ඇහුවා. ටිකක් විශාල අවන්හල දිහා ටික වෙලාවක් ඇස් ලොකු කරගෙන බලන් හිටපු ටේහ්‍යුන් අන්තිමේ බෑග් එක ගලවලා පැත්තකින් තියල එයාගෙ ඉස්සරහ ඉදගත්ත නම්ජුන් දිහා බැලුවා.

"මං ළඟ දැන් සල්ලි නැහැ" ටේහ්‍යුන් එයාගෙ අත් එකට අතුල්ලගන්න ගමන් බිම බලාගත්තෙ එයා ළඟ තියෙන සොච්චම් ගාණෙන් මේ කඩෙන් කන්න බැරිබව හිතලා. නම්ජුන් හුස්මක් ඉහලට ඇදලා පුටුවෙන් ඉස්සරහට නැවුනා.

ඊළඟට එයා ටේහ්‍යුන්ගෙ නිකටින් අල්ලගෙන ටේහ්‍යුන්ගෙ බැල්ම තමන්ගෙ දිහාවට හරවගත්තා.

" කිසිම දෙයක් ගැන වද වෙන්න එපා.
මම ගානෙ කෑම අරන් දෙන්නෙ තේරුනාද? ඒ හින්දා ආස ඕනම දෙයක් කන්න.. " හිමින් කිව්ව නම්ජුන් ටේහ්‍යුන්ගෙ ඇස් දිහා බලන් ඉදලා ඉස්සරහට නැවිලා ටේහ්‍යුන්ගෙ තොල් පෙක් කරද්දි අවටින් සූස් හඬක් ආවා.

"මිනිස්සු බලනවා.." ටේහ්‍යුන් ඇහෙන නෑහෙන ගානට කිව්වා.

"ඉතින් මොකද? ඔයා මගේනෙ."

kawaiiWhere stories live. Discover now