07. නිශ්ශබ්දතාවය

295 62 6
                                    

මම උදෙන්ම ගියෙ ටේහ්‍යුන්ග්ව හොයාගෙන. මගෙ හිත මේ දවස් ටිකට එයාට නොසෑහෙන්න ඇලෙන්න පටන් අරන්. ඊයේ මමයි එයයි කතා කරලා සම්බන්ධයක් පටන් ගත්තා. ඉතින් මට ඕන වුනේ එයාගෙ පෙම්වතා විදිහට ටේහ්‍යුන්ග්ව ආදරෙන් බලාගන්න. ටේහ්‍යුන් ගොඩක් වෙලාවට නිශ්ශබ්ද චරිතයක් වුනත් එයා මාත් එක්ක ඉද්දි ඒ ගතිය මගෑරිලා යනවා.

මම යද්දිත් එයා හිටියෙ පොතකට මූණ ඔබාගෙන. මම හිමින් එයා ළඟට ඇවිදගෙන ගියෙ සාක්කු දෙකට අත්දාගන්න ගමන්. ඒ වෙනකොට පන්තියෙ හිටිය ළමයි ටික දෙනාගෙ ඇස් තිබ්බෙ මගේ ළඟ. හැබැයි ටේහ්‍යුන්ගෙ ඇර.

ටේහ්‍යුන්ගෙ අවදානය හොරාගත්ත එයාගෙ අතේ තිබ්බ පොත මම ඇදලා ගත්තම එයා ගැස්සිලා ගිහින් මගෙ දිහා බැලුවා. "හ්‍යුන්ග්.." ටේහ්‍යුන්ගෙ මූණෙ අහින්සක හිනාවක් ඇදුනා.

"ගුඩ් මෝනින්ග් ටේහ්‍යුන්"

"ගුඩ් මෝනින්ග් හ්‍යුන්න්ග්" ටේහ්‍යුන් ලැජ්ජාවෙන් වගේ කියද්දි මම ඩෙස්ක් එකක් උඩට නැග්ගා. එයා ඇසුත් ලොකු කරන් මගෙ දිහාවම බලන් හිටියා. " ඉතින්?"

"හ්‍යුන්ග් ඔතනින් බහින්න. ඇවිත් මෙතනින් ඉදගන්න." ටේහ්‍යුන් කිව්වහම මම ගිහින් එයාගෙ ළඟටම වෙලා ඉදගත්තා. මම එයාගෙ අතිනුත් අල්ලගත්තහම එයා මූණ රතුකරන් බිම බලාගත්තා. මම එයාගෙ කම්මුලකින් අතක් තිබ්බහම එයා තොල හපාගත්තා. මම හිමින් එයාගෙ කම්මුල පිරිමදින්න ගත්තා. එයාව රස්නෙයි.

"ටේහ්‍යුන්.. මෙහෙ බලන්න.." මට ඕන වුනේ එයාගෙ ඇස් දිහා බලන්න. එයාගෙ ලස්සන ඇස් මම එහෙම කරද්දි මොන වගේද බලන්න. එයා හුස්මක් පහත දාන ගමන් මගේ දිහා බැලුවා. ටේහ්‍යුන් හරියට පුංචි රෝස මලක් වගේ. මම මගේ ඇගිල්ලක් එයාගෙ තොල් උඩින් තිබ්බහම එයා ඇස් පියාගත්තා. එයා ගොඩාක් සංවේදී කෙනෙක් වගේ. මම එයාව හුගාක් පරිස්සමෙන් බලාගන්න ඕනෙ.
"ලස්සනයි.." මට කියවුනා.

"අහ්!"

"නෑ.. මම" මම එයාගෙ කම්මුල් අතෑරලා දැම්මා. එයා ඒකෙන් ගොඩක් අපහසුතාවයට පත්වෙනවා කියල මට දැනුනෙ අනිත් ළමයි මොනවදෝ කුටු කුටු ගාන සද්දෙට.

" ඔයාට පුළුවන්ද අද මාත් එක්ක වැඩිපුර කාලයක් ඉන්න. ඊයෙ ඔයා කතා කලයි ගියයිනෙ. එහෙම නෙමේ.. මාත් එක්ක ටිකක් කාලය ගත කරන්න. ස්කෝලෙන් පස්සෙ?"

ටේහ්‍යුන් කල්පනා කළා. එයා ටික වෙලාවක් යනකම් මුකුත්ම කිව්වෙ නෑ. එයාගෙ නිශ්ශබ්දතාවයට මම වෙලාවකට කැමතිම නෑ. ඒත් මට ඒක එයාට කියල හිත රිද්දන්න බෑ.












නම්ජුන් හ්‍යුන්ට මම හා කිව්වෙ ඇයි කියල මට තවම තේරෙන්නෙ නෑ. ගෙදර යද්දි ගොඩක් පරක්කු වුනොත් එයා හැමදාම වගේ මට දඩුවම කරයි.

අද ජිමින් මගෙ ළඟට ඇවිත් ඉදගත්තෙ ඊයෙ කිසිම දෙයක් නොවුනා වගේ. එයා වෙනදා වගේම මගෙත් එක්ක හොඳට කතා කළා. කිසි වෙනසක් පෙන්නුවෙ නෑ.

"ටේ.. කොහොමද ඊයෙ දවස?" ජිමින් මගෙ කනට ළං වෙලා ඇහුවා.

"හොඳයි."

"හ්ම්.. කියන්න කැමති නැත්තම් කමක් නෑ ඉතින්." ජිමින් මූණ එල්ලගත්තා.

"කියන්න තරම් දෙයක් නෑ. ඒකයි මං-"

"ඒකට කමක් නෑ ටේ... කොහොමත් ඔයා ඔයාගෙ දේවල් කාත් එක්කවත් බෙදා ගන්න කෙනෙක් නෙමේනෙ."

ජිමින් බිම බලාගත්තා.

"හ්‍යුන් මට කැමතියි කිව්වා. අපි ඩේට් කරන්න කතා වුනා. එච්චරයි. අද මාව ඇවිදින්න එක්කන් යනවා කිව්වා." මම කිව්වෙ ජිමින්ගෙ ඉරියව් හොඳට අද්‍යනය කරන ගමන්. එයාගෙ මූණ බලන් ඉද්දි දුක පාට වෙනවා.

"ජිමින්!"

"ඉතින් කොච්චර හොඳද? සුභපැතුම් ටේ.. මම දන්නවා එයා ඔයාට ගොඩක් ආදරේ වෙයි."

ජිමින් කිව්වෙ එච්චරයි. එයා පුටුවෙන් නැගිටිද්දි මම මුකුත් හිතාගන්න බැරුව බලන් හිටියා.

"ජිමින්!"

"මම වොශ් රූම් එකට ගිහින් එන්නම්." ජිමින් එයාගෙ අත්වලින් එයාගෙ කලවා සූරගන්න ගමන් කිව්වා. එයා තරහින්ද?

"මමත් එන්නද?"

"එපා!"

"ඒත්- හරි. ඉක්මනට ගිහින් එන්න ඊළඟට ගනන් පීරියඩ් එක."


#tt

kawaiiWhere stories live. Discover now