"We are most alive when we're in love. The love we give away is the only love we keep. The more one judges, the less one loves. If you would be loved, love, and be loveable."
★☆★☆★☆
🏵️
🏵️
🏵️
🏵️
xɪᴀɴ ᴢʜᴀɴ'ꜱ ᴘᴏᴠ
"Mommy කවුද ඒ නපුරු මිනිස්සු අපේ පස්සෙන් එන?" Xian බයෙන් මගේ උරහිස තවත් හයියෙන් බදාගෙන මගේ බෙල්ලේ අස්සේ මූණත් හංඟ ගත්තා.
මම අනික් පැත්ත හැරුනමයි දැක්කේ උස මහත මහා ලොකු මිනිස්සු දෙන්නෙක් කාර් එකක ඉඳගෙන slow එකේ කාර් එක drive කරන් එනවා. එයින් එක්කෙනෙක් කාට හරි phone එකෙන් කතා කරනවා. ඒත් එයාලගේ ඇස් තියෙන්නේ මගේ පුතා ළඟ. මම අවධානෙන් එයාලගේ තොල් දිහා බැලුවා. Club එකේ වැඩ කරපු කාලේ මට ලැබුනු එක හැකියාවක් තමයි අනික් අයගේ තොල් කියවන්න පුළුවන් උන එක.
"එ-එ-යාලා වැදගත් නැහැ"
ඒ කියවුනු දේ ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මම ඉක්මනට Xian තවත් ටිකක් තුරුළු කරන් හයියෙන් හයියෙන් ඇවිදන් යන්න ගත්තා. ඒත් ඒ මිනිස්සු තවමත් අපේ පස්සෙන් පන්නවා.
"මට බයයි mommy"
Xian බය වෙලා. අනේ ඉතින් එයා තාම චූටි දරුවෙක්නේ? බය නොවී ඉඳීද? එයාගේ යට තොල වෙව්ලන්න අරන් පුංචි ඇස් දෙකෙන් බයට කඳුළුත් බේරෙනවා.
"ඔහ්...නැහැ...නැහැ...ෂ්...බබෝ...බය වෙන්න එපා හොඳේ? Mommy ඉන්නවනේ? අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ"
මම පුංචි පැටියව බිමින් තියලා පරිස්සමෙන් එයාගේ රෝස පාට කම්මුල් දිගේ ගලන කඳුළු පිහදාන අතරම සන්සුන් කරන්න උත්සහා කරත් තවමත් එයා පුංචියට ඉකි ගගහ මගේ බෙල්ල බදාගත්තා. එයා ගේ චූටි අත් දෙක මගේ බෙල්ල වටේ තද වෙලා.
මම මගේ අත් දෙක මිට මොලව ගත්තේ මේ එන කේන්තිය දරාගන්න බැරුව. මට එන තරහක් ඕකුන් එක්ක...
"ඔයා තමයි මගේ චූටි Angel hero. මතකයිනේ? Mommy ව සීතලෙන් බේරගත්තේ? එතකොට මොන්ටිසෝරි එකෙන් දාලා ගියාම strong වෙලා හිටියේ? ඉතින් දැන් මට ඕනි ඒ strong baby ව හ්ම්?"
Xian එයාගේ චූටි අත් දෙකෙන් කඳුළු පිහදාලා ඔලුව වැනුවා.
"මම ආයෙම මගේ බබාව වඩාගෙන දැන් ගෙදර යන්න යන්නේ. අපි ගෙදරට ගිය ගමන් ඔයා ඉක්මනට daddy ට call එකක් ගන්න ඕනි හරිද?"
BINABASA MO ANG
🅲🅾🅸🅽🅲🅸🅳🅴🅽🅲🅴✨ ✔️
Fanfiction"" 𝓢𝓸𝓻𝓻𝔂 𝓼𝓲𝓻 𝓘'𝓶 𝓻𝓮𝓪𝓵𝓵𝔂 𝓼𝓸𝓻𝓻𝔂 .... ""❤️ "" 𝓘𝓽'𝓼 𝓸𝓴. 𝓐𝓻𝓮 𝔂𝓸𝓾 𝓸𝓴 .... ""💚 " 𝓨-𝓨𝓮𝓼 𝓬𝓪𝓷 𝔂𝓸𝓾 𝓵𝓮𝓽 𝓶𝓮 𝓰𝓸 ..... 𝓘'𝓶 𝓰𝓸𝓲𝓷𝓰 𝓽𝓸 𝓫𝓮 𝓵𝓪𝓽𝓮 ""❤️ ...