1 : 𝐒𝐮𝐧𝐟𝐥𝐨𝐰𝐞𝐫 🌻

74 19 18
                                    

All the names are fictitious...🌻💛🌻💛🌻💛
--------------------------

Beginning 🌻

(Morning Haesu's House)

Haesu's POV

උදේ හයට වගේ ඇති. මම ඇද උඩ නිදාගෙන හිටියත් ඩුවට් එකත් පැත්තකට දාලා ඉක්මනටම ඇඳෙන් බැස්සෙ වෙනදා වගේම අදත් ස්කූල් යන්න තියෙන හින්දයි. ගොඩක් පරක්කු වෙලා තිබ්බ නිසා ඉක්මනටම ටවල් එකත් අරන් වොශ්රූම් එකට දුවන් ගියා.

පැය භාගෙකට පස්සෙ වොශ් දාගෙන ඇවිත් ටේබල් එක උඩ තියලා තිබ්බ අම්මා හදපු මිල්කි එක අරන් ගොඩක් ආසාවෙන් බීගෙන ගියා. පස්සෙ මං ඉක්මනටම ඇදුම් ඔක්කොම ඇදලා ස්කුල් යුනිෆොර්ම් එකත් ඇදගෙන කොණ්ඩේත් දාගෙන කෑම චුට්ටකුත් කාලා බස් එක මඟ ඇරෙයි කියලා ඉක්මනටම ගෙදරින් එළියට දිව්වා.

හොද වෙලාවට මම දුවන් එනකොටම බස් එකත් ඇවිත් තිබුණා. ඉක්මනටම බස් එකට නැඟ ගත්ත මං නිදහස් කියලා හිතෙන කවුරුත් නැති සීට් එකක වාඩිවෙලා ජනේලෙන් එළිය බලන්න ගත්තා. ලස්සන දවසක්..

ඔයාලා බලනවා ඇති මම කවුද කියලා. මගේ නම "ජන්ග් හේසූ". මට අවුරුදු පහළොවයි. ඔව්. මම එච්චර ලොකු කෙනෙක් නෙමෙයි තමයි. එත් හිතින් මම ලොකු කෙනෙක්.

මම ගොඩක් නපුරුමත් නොවෙන එත් චුට්ටක් විතර නපුරු, වැඩිය කතාබහක් නැති අහංකාර වගේම අහිංසක චරිතයක්. මම ගියේ සියොල් වල තියෙන යොන්ග්සන් උසස් පාසලට. ඒක තනිකරම ගර්ල්ස් ස්කූල් එකක් වුණා.

අපේ ස්කූල් එකට එහායින් තිබ්බෙ බෝයිස්කුල් එක. අපේ ස්කුල් එකේ ප්‍රින්සිපල් මැඩම් ගොඩක් තද නීති දාන් ඉන්න කෙනෙක්. ඒ නිසා අපි බොයිස්කුල් එක පැත්ත පලාතේ බලන්නවත් ගියේ නෑ. ඊයේ අසනීප වෙලා ස්කුල් ගියේ නැති නිසා අද කොහොමහරි ඇඟට පණක් අරන් ස්කූල් ගියා.

- POV END -

බස් එකෙන් බැස්ස හේසූ ඉක්මනටම ස්කුල් ගේට් එක ගාවට දුවන් ගියා. මොකද කිව්වොත් අද තමයි එක්සෑම් වලින් පාස් වෙලා පිට ඉස්කෝල වලින් අලුතින් ළමයි මේ ඉස්කෝලේට බඳවගන්න දවස.

ඒ නිසා හේසූ ගේට් එක ගාවට දිව්වත් ඉස්සරහ ළමයි පෝලිමක් ඉන්නවා දැක්කාම හේසුට හීන් දාඩිය දැම්මා. පස්සෙ ඉක්මනටම ළමයි අස්සෙන්ම කොහොමහරි රිංගලා ඉස්කෝලේ ඇතුලට ගියා.

My Lost Sunflower 🌻❤💫 GL Story (Ongoing) SinhalaWhere stories live. Discover now