Chapter 2

131 24 17
                                    

Star Tears 2

Hybe එකෙන් කුකීගේ dating rumors ප්‍රතික්ෂේප කරත් ටේගේ හිතට නම් චුට්ටක්වත් සැනසීමක් තිබුනේ නෑ.. ඒත් දැනටමත් යන world tour එක නිසා ටේට තනිවෙලා කල්පනා කරන්න තරම් නිදහසක් තිබුනේ නෑ..

එයාලා paris වලට ආවාම පොඩි විවේක කාලයක් හම්බුනා නගරයේ ඇවිදින්න.. ටේ මේ කාලේ වෙන් කරේ එයාටම කියලා පුංචි නිදහස් වෙලාවක් විදියට... එදා හවස tae බැලකනි එකට වෙලා වයින් එකක් බොනකොට ජිමින් කාමරේට ආවා..

"ටේහ්‍යොන්ග් ආහ්හ්.. මොකද කරන්නේ??"

"අහ්හ්හ්.. මං වයින් ටිකක් බොනවා.. ඔයාටත් glass එකක් දෙන්නද?"

"හ්ම්ම්.. පොඩ්ඩක්.."

දෙන්නාම බැලකනි එකේ ඉදන් රෑට ඇහැරෙන ලස්සන පැරිස් නගරය දිහා බලන් හිටියා.. දෙන්නාම වචනයක්වත් කතා කරේ නෑ.. ටික වෙලාවකින් ජිමින් ඒ නිශ්ශබ්දතාවය බින්දා..

"කොහොමද ඔයාට?"

"වරදක් නෑ.."

ටේ බොරුවට හිනා වෙලා ආයෙත් නගරය දිහාට හැරුනා..

"ඔය ඇත්තමද?"

ටේ හ්ම්ම් කියන ගමන් ඔලුව වැනුවා..

"එතකොට කොහොමද ඔයාගේ.... ඇස්?"

ජිමින් අන්තිම වචනේ කීවේ ටිකක් පැකිලිමෙන්.."

"ලොකු ප්‍රශ්නයක් නෑ... මට තාම මේ ලෝකේ ලස්සන පේනවා.. ඒ නිසා පුලුවන් කාලේ මං ඒ ලස්සන බලනවා  "

"ටේ හ්‍යොන්ග් අහ්හ්.."

ජිමින් කීවේ ටේව පිටි පස්සෙන් බදාගන්න ගමන්..

"එහෙම කියන්න එපා.. අපි මේකට මොකක් හරි treatment එකක් හොයාගමූ.."

"ජිමිනා.. ඔයා දන්නවානේ මේක හනහාකී වගේ නෙමෙයි.. මේකෙන් වෙන බලපෑම ආයේ වෙනස් කරන්න බෑ.. ඒ ආදරේ මට ලැබුනත්.."

ටේ බර හුස්මක් පිට කරලා බිම බලාගත්තා.. එයාගේ සීතල කම්මුල් දිගේ ලස්සන රෝස පාට කදුලු බින්දුවක් ගලාගෙන ගිහින් ජිමින්ගේ අතට වැටුනා.. ජිමින් කලබලෙන් ටේව අතැරලා එයාගේ පැත්තට හරවගත්තා..

"අනේ.... චෙබල්.. උල්ජිමා..."

ජිමින්ගේ ඇස්වලත් කදුලු.. ජිමින් ටේගේ කදුලු ඉක්මනට පිහදැම්මා..

You've reached the end of published parts.

⏰ Last updated: Nov 12, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Star Tears Where stories live. Discover now