"මොකක්ද!? NIS එකෙන් මොකටද මෙතනට එන්නෙ?"

"අහ් මේකයි මිස්ටර් ජින් අද දවල් කෙනෙක් ඇවිත් මිස්ටර් ජින් තමයි බ්ලැක් ශැඩෝ ලීඩර් කියලා අපිට ඔත්තුවක් දීලා ගියා.. මොනා නමුත් ඒ කෙනා හිටියෙ මිස්ටර් එක්ක ලොකු වෛරයකින් වගෙයි මට පෙනුනේ.. ඒ නිසා අපේ NIS එකේ අය මිස්ටර්ව ඇරෙස්ට් කරන්න එන ගමන්.."

ඒ වෙලාවෙ ජින්ගෙ මූණ සාමාන්‍ය මනුස්සයෙකුට බලන්න බැරි තරමට නපුරු වෙලයි තිබුනේ.. ඒ නිසා ම මෙච්චර වෙලා ජින්ගෙ මූණ දිහා බලාගෙන කතා කරපු එයා ජින් ගෙන් ඇස් පැත්තකට අරගත්තා..

"කවුද ඒ?"

"මං ඒ කවුද කියන්න නං දන්නෙ නෑ හැබැයි මං මිස්ටර්ට පොටො එකක් නං ගෙනාවා.."

මින්හෝ ජින්ට පොටො එකක් දුන්නා.. ඒ පොටො එක දිහා හොදට බැලුව ජින් මින්හෝ දිහා බලාගෙන හිටියා..

"මොකටද තමුන් මට උදව් කරන්නෙ?"

ජින් අහනකොට මින්හෝ උත්තරයක් නොදී හිනා උනා..

"මට කියනවා මොකටද තමුසෙ මට උදව් කරන්නෙ? මේ දේවල් මට කියන්නෙ මොකටද? තමුන් NIS එකෙන් නේද?"

"මේකයි මිස්ටර් මං ඔයාට උදව් කරන්නෙ උදව්වක් බලාපොරොත්තුවෙන්.."

"උදව්වක්?"

"ලොකු ලොකු දේවල් නම් නෙවෙයි මට ඕන පොඩි දෙයක්.. මිස්ටර් ඒකට කැමති නම් මට පුළුවන් NIS එකෙන් කම්පැනි එක වටලන එක නවත්තලා දෙන්න.."

එහෙම කියපු මින්හෝ එයාගෙ වොට්ච් එකෙන් වෙලාව බැලුවා..

"ම්ම් තව විනාඩි පහකින් මිස්ටර්ගෙ කම්පැනි එක NIS එකෙන් වටලනවා.."

ජින් තාමත් මින්හෝගේ මූණ දිහා එක එල්ලේ බලාගෙන ඉන්නවා..

"මොකක්ද උදව්ව?"

"සරලයි.. මාව ඔයාගේ ගැන්ග් එකට බදවගන්න.."

"මොව්!?"

එහෙම කියන ගමන් ජින් ටේබල් එකට හයියෙන් පාරක් ගහන ගමන් නැගිට්ටා.. නැගිටපු වේගෙට ජින්ගෙ පුටුව තල්ලුවෙලා ගිහිං කබඩ් එකක වැදුනා..

"තමුසෙට පිස්සු ද අයිසේ? කොහෙවත් යන උන්ව මගෙ ගැන්ග් එකට ගන්න තමුසෙ හිතුවද මට ඔල්මාදේ කියලා ආහ්?"

Black Shadow season 2|| KSJ||Where stories live. Discover now