0️⃣7️⃣ වන දිගහැරුම 🥀

Start from the beginning
                                    

තමා ගැන විමසුවොත්  සත්‍ය පවසන ලෙස ගඟන හට පැවසුවේ එදා හදිසියේම කොළඹ යාමට පෙරයි...


" ම්ම්ම් ....ගඟන සර් කිවා "

එක මොහොතකට ඔහුන්ගේ දැස් පැටලෙන්න විය...
නමුත් කේශ්වර හරි ඉක්මනින් ඔහුගේ දැස් මුදවා ගත්තේ වාහනය පදවන්නේ තමා නිසාවෙනි..

තමාගෙන් දෑස් මුදවාගෙන අදුරු ගුරු පාරට දැස් යොමා සිටින ඔහුගේ නිල් දෑස් දෙසයි තවමත් මහින්ස බලා සිටින්නේ ........



" එතකොට මෙච්චර දුර ආවේ වෙඩින් එක මගාරින්න ද ? "

ඒ මුළු හිතම වෙවුලුවේ කේශ්වර අහපු දේට....
ඔහු කෙසේද එවැනි දෙයක් දන්නේ ? අනික තමාටවත් ඒ ගැන අමතකව තිබුනා නොවෙද ?



" දැන් කල්පනා කරන්නේ මං කොහොමද එහෙම දෙයක් දන්නේ කියලනම්, ඔයාගේ තාත්තා කතා කරලා කියලා තිබුනා ඔයාගේ වෙඩින් එක ලගයි කියලා "


කේශ්වර බලාගෙන  ඒ වචන ටිකට මහින්සගේ වුන වෙනස් වීම,
ඒ අතක් නතර වුනේ මහින්සගේ ඔළුවේ...

සිනිදු කෙස් අතර දිව යන කේශ්වරගේ ඇගිලි පහසට මහින්ස ඇස් ඉස්සුවා..
නැවතත් ඒ නිල් ඇස් ඔහුගේ ඇස් අල්ලගද්දී,

" ප්‍රශ්න වලින් පැනලා යන එක විසඳුමක් නෙවේ දරුවෝ "

හිරකරගෙන තදකරගෙන හිටිය හැගීම් මේ වචන වලින් සීමා ඉක්මව යන කොට මහින්ස දෙතොල් තද කර ගත්තේ ඔහුට හැඩේවි යන බියෙන්..

කේශ්වර "දරුවෝ" කියලා කතා කරන වාරයක් වාරයක් පාසා මහින්සගේ හිතට ඒ ඇමතුම ගෙනාවේ හරි ආදරණිය උණුසුමක් , ලොකු ආරක්ෂිත බවක්,
තම පියාගෙන්වත් නොලද ඒ ආදරණිය ආමාන්ත්‍රණය ලෝකයක් තරම් මහින්සට වටිනවා..

කේශ්වරට  සීමා විරහිතව තව තව බැදෙන්න මහින්සට මෙයත් එක් හේතුවක් වෙන්න ඇති.

ඔහු ළඟ දැනෙන පරිස්සමට මහින්සගේ හිත දැනටමත් ලෝබකම් කරනවා..



" ඒ...ක  මගේ තී..ර..ණ..ය..ක්  නෙවේ කේශ්වර සර් "




" කාගෙවත් උවමනාවකට තමන්ගේ ජිවිතේ උකස් කරන්න එපා මහින්ස , ඔයා පොඩි කෙනෙක් නෙවේ.... ඔයාගේ ජිවිතේ තීරණය කරන්න ඕනි ඔයා ,
විශේයෙන්ම .... විවාහය කියන දේ තුලදී, "

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now