0️⃣6️⃣ වන දිගහැරුම

Start from the beginning
                                    

වැටහිමක් නැ ඒ හිතට කුමක් කරන්න ද කියා.
තම හිත පෙළෙන වේදනාව පරදා හිසේන් නැගෙන වේදනාව හමුවේ මහින්ස  යහනට හිස බර කලේ පෙළෙන වේදනාවට සහනක් අයදිමින්..

_________________

#කේශ්වර

එක හුස්මට උතුරුකරේ ඉදලා කොළඹ ගිහින් හයහතර නොදන්නා කිරිසප්පා වෙනුවෙන් කරන්න ඕනි හැමදේම කරලා ගියපු මොහොතේ ඉදලා එන්න පිටත් වෙන මොහොත වෙනකම් ඒ ඇස් වලට නින්ද නම් ලැබුණේ නැති තරම්...

මවගේ උණුහුම ඕනීම කාලේ තමන්ට වගේම තමන්ගේ පොඩි එකාටත් ඒ උණුසුම නැති වුනා⁣නේදෝ කියලා දැනෙද්දි ඇවිලුනේ කේශ්වරගේ හිත...

ලගකදි ඉඳලා විටින් විට අසනීප වෙන තම නොදරුවාට  තම උණුසුම්ත් නැති වෙලා කියලා මතක් වෙද්දී ඒ පිරිමි හිතට දැනුනේ ලොකු වරදකාරී හැගීමක්.

කවදාවත් කදුළු පිරුනේ නැති ඒ නිල් ඇස් පුරා කදුළු ගලන්නේ වාහනයේ සුක්කානම ⁣ඒ දෙයත් වලට තද වෙද්දි ......

කඳවුරට ආ සැනින් ගත දොවාගෙන නිල ඇදුමට මාරූ වු ඔහු නැවත තම කාර්‍යාල වෙත පැමිණියේ ඒ ගතට පොඩි හෝ විවේකයක් නොදෙමින්...

පළමුවත් දෙවනුවත් තෙවනුවත් රාජකාරියම වෙද්දි තම පෞද්ගලික ජිවිතය කෙසේ නම් ඒහා පටලවා ගන්නද ?

වේලාව සවස තුන ඉක්මව ගොස් අවසන් .....
පැමිණි මොහොතේ සිට අත්‍යවශ්‍ය ලිපිගෙනෙු කීපයක් එක්ක කාර්‍යබහුල වූ කේශ්වර කාර්‍යාලයට වී  මේ ගෙවන්නේ හයවන පැයයි...

එකදිගට නාද වෙන කාර්‍යාල දුරකථන වෙත දැස් යොමු කල කේශ්වර රිසිවරය සවනේ රුවා ගත්තේ හිදි  අසුනේ මදක් සැහැල්ලු වියි..

" Hello මේජර් කේශ්වර "


" සර්.. !! "

ඇමතුම තම උසස් නිලධාරියාගේ විය.

" කේශ්වර ..කොල්ලෝ ඔයා කැම්ප් එකට එවපු  වෙපන්ස්  වල එක ඩොකියුමන්ට් එකක් සයින් එකක් මිස් කරලා පුතා "



" ස්..සර් "


" මං දන්නවා ඔයා අද කලම්බෝ ඉදලා ගියේ කියලා , ඒත් ඔයා දන්නවානේ මේවගේ දෙයක් සිද්ධ වෙන එකේ බරපතලකම.. 
අද මට මේ ඩොකියුමන්ට් බාර දෙන්න වෙනවා , බට් හෙට වෙනකන් මට ඒක පහු කරගන්න පුළුවන් කේශ්වර,
ඔයා දැන්ම පිටත් වෙලා ඇවිත් අඩුපාඩුව හදන්න වෙනවා "


අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now