දෙවන කොටස

Start from the beginning
                                    

"ම්ම් අපේ පොඩ්ඩාට රසට උයන්න පුළුවන් නේ රසයියි..."

ඒක කිව්වාම නම් සෙතුල්ගේ කම්මුල් සොස පාට වුනා... ආව්ව් මගේ සුටියා

සෙතුල් නිදා ගන්න ගියාම මන් ගියෙ බැල්කනි එකට, පැය කිහිපයකට මගේ ජිවිතේ වෙනස් වුන විදිහ ගැන මටවත් තේරුමක් නෑ මට බැන බැනම දවල් ගේ අස් කරපු විදිහ අන්තිමට එයා මුළු ගේම අස් කරා ඊට පස්සේ ඉදම් අයියේ අයියේ ගාගා පොඩි බබෙක් වගේ කියව කියව හිටියෙ මෙච්චර දවස් ගෙදර තිබ්බ පාළුව පැය කිහිපයකින් නැති වෙලා ගියපු විදිය ගැන මට පුදුමයි ඒ වගේම සතුටුයි 🥰

කාලය ටිකෙන් ටික ගෙවුනා සෙතුල් ගැන තිබ්බ ආදරේ තව තවත් වැඩි වුනා... හැමදාම උදේම නැගිටලා කෑම ටික හදලා යුනි යන්නත් ලෑස්ති වෙලා මන් office එකට යනකොට මා එක්කම car එකේ යුනි එකට ගිහින් හවසට ගෙදර ඇවිත් රැ කෑමත් එයාම හදලා හරියටම හවස 6 වෙනකොට මට call කරනවා එයා බයයි රෑ වෙනකොට තනියම ඉන්න මන් එන්න කොච්චර වෙලා ගියත් මන් එනකම් බලන් ඉන්නවා... ඉතිං මට එයා ගැන තියෙන ආදරේ වැඩි වෙන එක අහන්නත් දෙයක්ද?

අද මන් එයා එක්ක එලියට යන්න හිතුවා මොකද සෙතුල් මෙහෙට ආවත් හරි එක පාරක් වත් එයාව කොහෙවත් එක්කන් යන්න බැරි වුනා අද අපි දෙන්නටම නිවාඩු නිසා මන් උදේම නැගිට්ටා.

"ම්ම්ම් සුවදේ නම් අවුලක් නෑ බලමුකෝ....
අර කම්මැලියා තවම නිදිද අප්පා"

කුස්සියෙ ඉදන් සුපර් මැන් වගේ පියෑඹුවේ සෙතුල්ගේ කාමරේට

"අයියේ....
මොනවද අප්පා කරන්නේ දොරට තට්ටු කරලා එනවකො"

"දොරට lock එකක් තියෙන්නේ අල තම්බන්න නෙමෙයි නේ 😒"

ආව්ස් උදේ පාන්දර මන් දැකපු දර්ශනය කිසි හේවිල්ලක් බැලිල්ලක් නැතුව දොර ඇරන් කාමරේ ඇතුලට ගියාමයි හිතුනේ දොරට තට්ටු කරලා ආවා නම් හරි කියලා 😬😬 එයා හිටියේ ටී එකක් නැතුව උදේ පාන්දරම නාලාද කොහෙද කලිසමේ බටන්ස් ටික දාගන්න බෙල්ලත් නමන් පොඩි එකෙක් වගේමයි.. පිස්සු කෝලමක් බටන්ස් දාගෙන දොර දිහා බලපුවමයි කොල්ලටත් එයා ඉන්න විදිහ ගැන මතක් වුනේ මන් අනෙත් පැත්ත හැරිලා ඇදුම් ඇදන් පහලට එන්න කියලා දොර වහලා දොරට හේත්තු වුනේ පපුවට අතක් තියා ගන්න ගමන් දෙවියනේ මගේ හාටුව ගැලවිලා වැටෙන්න වගේ

අසම්මත පෙම [BL Story] Completed ✅ Where stories live. Discover now