සටහනක්

67 14 45
                                    


" අඥානයා"

නුඹ නන් ඇත්තෙන්ම අඥානයි....අශ්ශීල දාසය  මෙතරන් විනාසයක් සිදු වෙලා  නුබට කිසිඳු තැකීමක් නැතිද... සාමකාමී ව සැතපීලා සිටින්නෙ කෙසේද නුඹ ? .... සීතල නැතිද නුඹට...සැබවින්ම නුබට මාව ඇසෙන්නැතිද  අදට දින දෙකක් නුබට අවදිවීමට අදහසක් ඇත්තෙම නැතිද..ඉවසීමක් නැකි අඥානයා ..නුඹ නන් හිස රදයක් සැබවින්ම...මා දින දෙකක් නුබ අවදි ⁣වන තුරු බලා සිටියා...නුඹ ගොලුද , බිහිරිද..මා පවසන කිසිවක් ඇසෙන්නෙ නැතිද...මා හේතුවක් ඉල්ලුවා නුබගෙන් ...නමුත් නුුබ නුබ..මුරන්ඩු කොලුවා මට පැවසුවේ *"මිද්දෝ හැම දේටම මගෙන් හේතුව අහන්න එපා..මට හැම දේටම ඔයාට හේතුවක් දෙන්න පුලුවන් කමන් නැහැ"*  දැන් ඒ දේවල් පැවසුව නන් තවමත් සාමකාමීව ඉන්නැතුව අවදිවී   පැමිනෙන්න අඥාන ස්-ලෝධජ....සැබවින්ම නු...බ..ට නැ..ව..ත පැ..මි.නෙන්න අ...වැසි..නැතිද....සු..ලොධජ?.. ඔබට පෙනෙන්නේ නැතිද සැබවින්ම....නුබ සිටින්නෙ නුබේ ප්‍රියතම සුවඳ ඇට්ටේරියා මල් සුවඳ...දැනෙන නුබේ ප්‍රියතම ස්ථානයේ..

.නුබට හැකිද මා නොමැතිව සිටින්න?....පවසන්න ඉදින් මට....

ඇට්ටේරියා ගසක් අසල සිට හඬන තරුණයෙක්...කුඩාවට තනන ලද සොහොන් කොතක්...ඇට්ටේරියා ගස ලඟ බිම හිඳගෙන සිටි මිධුනාථ නම් තරුණ වයසෙහි පසුවන රෝස පැහැ දෙතොල් යුගලකට , ගැට ගසා තිබෙන නමුදු උරහිස ලඟට ති⁣බෙන කොන්ඩයකට මෙන්ම අන්කිසිවකුට නැති කඩවසම් බවකට හිමිකම් කියන නමුදු තමාගෙ එකම ප්‍රේමය අහිමි වූ තරුණයෙක්....
දිින දෙකක් පුරාවට බිම හිඳ තිබිම හේතුවෙන් දුහුවිලි වැදී පැවතුනත් ඔහුගෙ කඩවසම් බවට ඉන් බලපෑමක් වූයෙ නැත...
කිසිඳු අරමුණක් නොමැතිව ඔ⁣හුගේ මතකය දිව ගිියේ මීට සය මසකට පෙර තමා ගෙවු සුපුරුදු ජීවිතය වෙනස් කිරීමට සමත් වූ *තමාගේ අඥාන ස්-ලෝධජ* සමඟ ගෙවූ ඒ සම මය වෙතය...
.
.
.
රක්ත වර්නයෙන් බබලන හිරු වසා ගනිමින් අහසේ දම් පැහැයෙන් දිදුලන වලාවන්..සුපුරුදු පරිදි නුරු පුර එක් දිනයක් නිමා වී එලබෙන  සවස් යාමයක තම පියාණන් සමඟ සිටින මිදුනාථ නම් එක්තරා සීතල පෞරුෂයකට ⁣හිමිකම් කියන තරුණයෙක් කිසිඳුු අරමුණක් නොමැතිව අහස දෙස බලමින් ගමන් කලේ තමා කුඩා කල සිට ගෙවූ ජීවිතයේ අරුත කුමක් දැයි සිතමිනි.. ඔහු කල්පනා ලොව ගිලෙමින් ගමන් කරසිටියදී කොහෙදෝ සිට පැමිණි පුද්ගලයෙකු  තමාගෙ සිරුරෙහි ගැටුණේ තමාගෙ කල්පනා ලොව සුනු විසුනු කරමිනි..ඉවසීම යන වදනෙහි තේරුම මඳකුඳු නොදත් මිධුුනාථ තමාගෙ කල්පනා ලොව බිඳ දැමූ නරපනුවා කවුරුන්දැයි හිස ⁣ඔසවා බැලූ විට ඔහුගේ දෑසට හසු වූයේ.....අවුල්ජාලයකින් පිරි හිසකෙස් සමඟ දූහුවිලි වැදී දුර්වර්ණ වී ගොස් තිබූ වස්ත්‍ර හැඳ සිටි  නමුත්   කඩවසම් පිරිමි රුවකි..ඔහු  නමින්   සුලොධජ විය..  කටකාර , ඉතාමත් දක්ෂ නමුදු සැමගෙන් එය වසන් කර සෙල්ලක්කාරයෙකු ලෙස දිවි ගෙවන වල ගැසෙන එක් කම්මුලකට, මඳක් නෙරා ඇති කන්ඨජ අස්ථියකට , සිහින් නමුත් කඩවසම් සිරුරකට  හිමි කම් කියූ ඔහු නුරු පුර අඥාන සල්ලාලයා යැයි නාමිකව ප්‍රසිද්ධියක් ලැබීය..නමුත්..කිසිවකු සමඟ වැඩි කතා බහකට යොමු නොවන මිදුනාථ මේ පිලිබඳව කිසිඳු දැනුවත් කමක් නොවීය..නමුත් තමාගේ සිරුරෙහි හදිසියේම ගැටුනු මේ අශ්ශීල  අඥායාට තමන් එකඳු වදනක් නොකියා ඔහුගේ දෑස් අතර අතරමන් වී සිටින්නේ මන්දැයි මිදුනාථ ඔ⁣හුගේ සිතත් සමඟ ප්‍රශ්න කලේය..කෙසේ නමුත් මේ නාඳුනන පිරිමි දෑස් තමාව අතරමන් කරන නිසාම මිදුනාථට දැනුණේ ඉහවහා ගිය කෝපයකි..රතූ වුනු දෑස් සමගින් නාදුණන පිරිමි රුවෙහි දෑස් මඟහැර ඉදිරියට තම නෙත් යොමාගත් මිදුනාථ තමා පසෙක සිටින තරුණයාගෙ දෙසවන් පිරවීමට  සැරසුනේ තමාගෙ අනෙක්පස සිටින තැනැත්තාගෙ ගතිතුණ පිලිබඳ නිසි අවබෝධයක් නොමැතිවය..

🖤🧡 ඇඹුල් දොඩම් - වසරක මතක  🧡🖤Where stories live. Discover now