FAN FICTION

267 21 217
                                    


ᵃˡᵃʳᵐ 1 = 6.00
      
       " තව චුට්ටයි.. "

ᵃˡᵃʳᵐ 2 = 6.05

        " තව විනාඩි 5 "

ᵃˡᵃʳᵐ 3 = 6.10

        " ආහ්.... තව ඩිංගම ඩිංගාආආඅයීඊඊඊ "

ᵃˡᵃʳᵐ 4 = 6.15

        " ආෂ්......... මොන මගුලක්ද අප්..

ᶜᵃˡᵃⁿᵈᵉʳ : ඇඹුල් දොඩම් ඇනිවසරි 🍋🔥

        " හුටාආආආආ.......කෝමද මට අමතක උනේ... අන්ද්වේඒඒඒඒඒඑ........."
.
.
.
.
.

         මෙච්චර වෙලා වැදුනු alarm එකට ඇහැරුණේ නැති මම කැලන්ඩර් එකේ නොටිෆිකේශන් එකට උඩ ගිහින් ඇහැරුනේ මෙච්චර දවසක් මග බලන් හිටපු දවස අද නිසා....

       අවුරුදු 10 ගෙවිලා ගිහින්...මෙච්චර කාලයක් ගෙවුනද කියලාවත් හිතාගන්න බැ..... ගොඩාක් දේවල් මේ කාලෙට වෙනස් උනා.... මම කියන චරිතෙත් ගොඩාආආක් වෙනා උනා.... ඉස්සර මන් ආදරේ කරලා තියෙන්නේ තමන්ගේ වාසියට විතරක් මාව පාවිච්චි කරපු අයයි කියලා දැනුනහම මන් තනිවෙන්න ගත්තේ හිතාගන්නවත් බැරි විදිහට.. ඒත් ඒම තනියම මට වැඩිකල් ඉන්න හම්බුනේ නැ..

        මොකද මම මට ආදරේ කරනවාට වඩා මට ආදරේ කරන ආදරණීය පවුලක් මට ලැබුණු නිසා... ආදරණීයයි තමා හැබැයි ඒකට හරියනම වචනේ ඒක කියලා කියන්න බැ... මොකද ඒක feelings mix උන අච්චාරු පවුලක්.. ආදරය , ලෙන්ගතුකම , සතුට , දුක , බෙදාහදාගැනීම් , පිස්සු විකාර කියන එකී මෙකී නොකී හැම හැගීමක්ම උපරීමෙන්ම එකතු වෙලා තිබ්බ පවුලක්...

               ලංකාවේ හතර පැත්තේ හිතාගන්නවත් බැරි තරම් දුර ඉපදුනු අපි , මේම හම්බුනේ අනිවාර්‍යෙන්ම අපේ බැදිම සංසාරික බැදීමක් වෙන්නෝනි...

          " අග්නි " කියන ලංකාවේ පළවෙනිම Historical bl පොතේ පාඨක ජනතාවක් විදිහට හම්බ උන අපි අද එක අම්මගේ දරුවෝ වගේ පවුලක්... හායි , හෙලෝ , ඔයා අග්නි ෆෑන් කෙනෙක්ද , ඒ කතාව පට්ට නේද කියන පුංචි පුංචි මැසේජ් වලින් කමෙන්ට් වලින් පටන් ගත්තු අපේ ඒ බැදීම අද මතක තියාගන්න ඔයාට කවුරු නැතත් ඇඹුල් දොඩම් අපි ඉන්නවා කියලා , කියන්න තරම් ශක්තිමත් බැදීමක් ගොඩනැගුනේ හරිම ඉක්මනින්...

🖤🧡 ඇඹුල් දොඩම් - වසරක මතක  🧡🖤Where stories live. Discover now