නිසඳැසක්

71 12 11
                                    

🌸 සරෝද ගුම් නද 🐝

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌸 සරෝද ගුම් නද 🐝

සුග්‍රීව -
ආලයේ ඇරයුම් කුමට මට
රාගයේ නැවතී
ප්‍රේමයේ ගී ගායනා
අරුමැසිම මොහොතේ

ථිත -
විඩාපත් නම් නොවේ මා
මුලාවී සරසින්
නැවතුමට මග නුඹේ නෙත්මයි
අහිංසක බැල්මන්

සුග්‍රීව -
නැවතුමක් නම් කොහේදැයි 
නොදනිම් මමත්
මුලාවූ හැඟුමේ 
නුඹ දෙනෙත් වසඟේ

ථිත -
අනවැසියි අන් දෙයක නැවතුම්
ගෙවෙන කාලයේ මිස
නුඹ උනුහුමේ වෙලෙමින්
ඉඳින්නට නොගෙවෙනා මොහොතක්

------- 🌸

"අය්යණ්ඩි... අය්යණ්ඩි..."
"කිම දෙසවන් අසල ඉඳම මෙතරම් ඝෝෂාකාරී නුඹ..."
"දෙසවන් නොඇසේ නම් ඝෝෂා නොකර අන් කුමක් කරන්නද..?"
"අහෝ දෙවියනි... කොහිද මෙතරම් කලක් මට කීකරුව සිටි මගේ මලයණ්ඩිය..."
"ඒ මලයණ්ඩි කොහේදැයි අය්යණ්ඩි දන්නවා ඇති නොවැ..."

------- 🌸

කිශා අක්කා
Min_Kisha

🖤🧡 ඇඹුල් දොඩම් - වසරක මතක  🧡🖤Where stories live. Discover now