Author's Note

260 44 15
                                    


ඉතින් කොහොමද කතාව?.. මුලදී පැටලිලි සහගතයි නේද?

අපි ඩ්‍රාමා එකක් බලද්දි කැමරා එක ප්‍රධාන චරිත වලට zoom වෙනවා. ඉතින් අපි දන්නවා කවුරු ගැනද මේ කතාව කියලා. අපි Zhanyi හරි Yizhan හරි කියවද්දී අපි දන්නවා ප්‍රධාන චරිත වෙන්නේ Wang Yibo යි Xiao Zhan යි කියලා.

ඒත් ඇත්ත ජීවිතේදී අපි දන්නේ නෑ.. අපි දන්නේ නෑ අපි අන්තිමට කාත් එක්කද ඉන්නේ කියලා.. අර කියන අපේ එක්කෙනා හොයාගන්න අපි හැමෝම එක්ක යම් දුරකට සබදකම් පවත්වලා බලන්න ඕනේ..

ඔය කියන හැමෝම අතරේ එක කණ්ඩායමක් ඉන්නවා.. මේ කණ්ඩායම කොච්චර අසනීපයෙන් ද ඉන්නේ කියනවා නම් ඒ අසනීපය නිසා ඒගොල්ලෝ අමානුෂික වෙනවා. මම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි. හැබැයි මම හිතන්නේ මේ ලෙඩේ තියෙන අයට කියන්නේ narcissistic අය කියලා.

මේ කතාවේදී Yibo සහ ව්‍යාජ Xiao Zhan අතර තියෙන්නේ narcissistic කෙනෙක් හා පීඩිතයෙක් අතර තියෙන toxic ( විස) සම්බන්ධකමක්.

මම දන්නවා එක්කරා වෙලාවකදි මේ කතාව ඕගොල්ලන්ට ඔලුවේ කැක්කුමක් හදන්න ඇති . මුළු කතාවම රිනාත්මක වෙන්න ඇති. මට මේක ලියද්දිත් එහෙමයි දැනුනේ.. ඒත් මට ඒ ගැන කරන්න කරන්න පුළුවන් දෙයක් තිබුනෙ නෑ.. මේ කතාව nice විදිහට කියන්න බෑ.. මොකද මේකයි යථාර්ථය.. toxic relationship එකක ඉන්නවා කියන්නේ මෙහෙම දැනෙනවා කියන එක.

සැකයකින් තොරවම එහෙම සම්බන්ධකමක් ඔයාගෙ ජීවිතේ අපායක් කරයි..

මේ කතාවෙදි වගේම narcissistic අය ඒගොල්ලන්ගෙ ඇත්ත ස්වභාවය මුලින් පෙන්වන්නේ නැහැ.. ඒගොල්ලො ඔයා තුළ ඒ ගොල්ල ආස කරන දෙයක් දකිවී.

ඔයා ගොඩක් ලස්සන/ කඩවසම් කෙනෙක් නම් ඔයා ඒ කෙනා ළඟ ඉද්දී එයාටත් බබලන්න පුළුවන් . ඒ දේ වෙනුවෙන් ඒගොල්ලො ඔයා ලඟට එන්න පුළුවන්..

හැබැයි මේ ඒගොල්ලො ආකර්ෂණය වෙන දේ හොඳ දෙයක්ම වෙන්න ඕනි කියලා නැහැ.. නරක දෙයක් වෙන්නත් පුළුවන්.

හිතන්න ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ගොඩක් අඩුයි කියලා. එයාට සාමාන්‍ය මට්ටමක අධ්‍යාපන සුදුසුකම් තියෙනවා කියලා. එතකොට එයා ඔයාට ආකර්ෂණය වෙයි.

Xiao Zhan ( සිංහල Version )Место, где живут истории. Откройте их для себя