Xiao Zhan 1 කොටස

764 74 17
                                    


වේලාව රාත්‍රී අටයි. එහෙමයි ඔරලෝසුවේ පෙන්නන්නෙ.. ඒ පුද්ගලයා දැන් කොයි මොහොතේ හෝ පැමිණිය යුතුයි.

ඒ හිස් නිවසේ ඉඳගෙන සිටි Yibo ට ඔරලෝසුවේ ටික් ටික් නාදය පැහැදිලිව ඇසුණේ ය. එය ඔහුගේ හදවත වගේමයි. ඔහුගේ හිතේ වෙන කිසිම දේකට ඉඩක් නැත. ඒ පුද්ගලයා මේ දැන් පැමිණිය හැකි බව පමණක් එහි රජ කරන්නේ ය. ඉතින් ඒ හැඟීම පැහැදිලිය.. ඝෝෂාකාරී ය.

" ඩහ් "

දොරට එළියෙන් යම් ශබ්දයක් ඔහුට ඇහුනේ ය. එයා ද? ඒ පුද්ගලයා ඇවිත් ද? ඔහුගේ හදවත රේස් තබන්නට විය. පුටුවෙන් නැගිටපු ඔහු දොර වෙත ඇවිද ගියේය. ඔහු ඉක්මන් කළේය. ඒ පුද්ගලයාට දොර ඉදිරියේ බලා සිටීමට ඉඩ දීමට ඔහුට ඕනෑ වුණේ නැත. තත්පර දහයකට වත් එය කිරීමට ඕනෑ වුණේ නැත.

ඔහු වේගයෙන් ගැහෙන හදවතක් සමග දොර විවෘත කළ ද එහි කිසිවෙක් සිටියේ නැත. රාත්‍රී සීත සුළඟ පමණයි. නිවස ඉදිරියේ වූ විශාල ගස එහාට මෙහාට හරවමින් පාලනය කළ සීත මාරුතය පමණයි.

ඒ පුද්ගලයා තව ම පැමිණ නැත. ආහ් !... ඔහු තවම මෙහි පැමිණ නැත. ආහ්! දෙවියන්ට ස්තුති වේවා ඔහු තව ම පැමිණ නැත...

හැමදාම රාත්‍රී 08 ට සිදුවන්නේ මෙයයි. මෙය ආරම්භ වන්නේ හවස හතරට හෝ පහටයි. රාත්‍රී 08:00 වීමට තව ඉතිරිව ඇති පැය ගණන ගණන් කිරීමට ඔහු පටන් ගන්නේ එවිටයි.

විනාඩියෙන් විනාඩිය ගතවන විට ඔහුගේ හිතේ අදහසින් අදහසට නිශ්ශබ්ද වන්නට පටන් ගන්නේය. රාත්‍රී 7:00 පසු වූ පසු ඔහුට අන් කිසිම දෙයක් කිරීමට නොහැක. අන් කිසිම දෙයක් සිතීමට නොහැක. ඔහු කරන්නේ සාලයට වී ඒ පුද්ගලයා එනතුරු බලා සිටීම පමණි.

ඔහුට සාලයට වී බලා සිටීමට අනිවාර්යයෙන්ම සිදුවේ. ඒ පුද්ගලයා වෙනුවෙන් ඔහු වහාම දොර ඇරිය යුතුයි. එහෙම නැත්තං ඒ පුද්ගලයා කෝප ගත හැක.

හැමෝම මෙහෙමද? හැම සබඳකමක් ම මෙහෙමද? අනිත් කෙනාගෙ පැමිණීම ඔබව බය කරනවද? අනික් කෙනාගේ පැමිණීම ඔබ විශේෂයෙන්ම ද සූදානම් විය යුතු ලොකු රාජකාරියක් සේ දැනෙනවා ද?

Yibo මෙවැනි දේවල් හිතන්නේ නැත. ඔහු කවදාවත් තමාගේ සම්බන්ධකම ප්‍රශ්න කරන්නේ නැත. ඔහු දන්නවා එයට ඔහුට අයිතියක් නැහැ කියලා.

Xiao Zhan ( සිංහල Version )Where stories live. Discover now