Xiao Zhan 3 කොටස

296 63 8
                                    


Xiao Zhan එයාට ආදරේ නෑ??. වෙන්න බෑ.. කොහෙත්ම වෙන්න බෑ.. Xiao Zhan එයාට ආදරෙයි. එයාට ඒක විශ්වාසයි. ඔහු ඒක එයාට කියලා තියෙනවා. ඔහු එයාට ආදරේ කරන තරම් වෙන කවුරුත් එයාට ආදරය කරන්නේ නෑ කියලා .

මේ මිනිසාට තවත් සවන් දෙන්න Yibo ට ඕනෑ වුණේ නැහැ. ඉතින් ඔහු එතනින් දිව්වේය. නිවසට දිව්වේය. එයාගෙ Xiao Zhan ළඟට දිව්වේ ය.

හොරෙන්ම නැවත නිවසට ඇතුල් වුණු ඔහු ඔවුන්ගේ කාමරයට රිංගා ඔවුන්ගේ ඇඳට නැග තමා ගේ මුල්ලට ගියේය. ඔහුට ඒ ගැන තවත් සිතන්නට ඕනෑ නැහැ . මේ සියල්ලම සිහිනයක් වෙන්නයි ඔහුට ඕනේ.

Xiao Zhan ඔහුට පවසා තිබුණා Xiao Zhan නැතිව ඔහුට ජීවත් වෙන්නට බැරි බව. බේරෙන්නට බැරි බව. මොකෙන් බේරෙන්න ද? Yibo දන්නෙ නැහැ. ඒත් Xiao Zhan ඒක එයාට දවස දවස ගානෙ පැවසුවේය. Xiao Zhan ට ඔහුව අනවශ්‍ය වුණත් ඔහුට Xiao Zhan අවශ්‍ය බව පැවසුවේය.

Xiao Zhan ඔහුට පවසා තිබුණේ ඔහු මැරී වැටුණ ද එය තමාට ලොකු බලපෑමක් නොකරන බවයි. මළගෙයක් පවත්වා අමතක කර දමන බවයි.

නමුත් Xiao Zhan පැවැසුවේ Yiboට මෙය සම්පූර්ණයෙන්ම වෙනස් බවයි. Xiao Zhan පැවසූයේ තමා නැති නම් Yibo ගෙන් ද වැඩක් නැති බවයි.

Xiao Zhan ඔහුට මෙය ගණන් කිරීමට නොහැකි වාර ගණනක් පවසා තිබුණේ මෙය ඔහුගේ හදවතේ ගලක කෙටු අකුරු සේ රැඳී සිටින බව නිසැක ගනිමිනි.

ඉතින් Yibo ට ඕනෙ නැහැ Xiao Zhan ඔහුට ආදරේ කරන්නෙ නැති බව විශ්වාස කරන්න. මොකද ඔහුට එය මේ ලෝකයේ අවසානය මෙන් ය. ඔහුට සිදු විය හැකි භයානකම දේ ය.

ගලක කෙටු අකුරු සේ ඔහුගේ හිතේ ලියැවී ඇත්තේ මෙලොව ජීවත් වීමට, මෙලොව යහතින් සිටීමට ඔහුට Xiao Zhan අවශ්‍ය බවයි. Xiao Zhan නැතිව ජීවත් වීම හිතාගන්නවත් බැරි බවයි. එය විය නොහැකි දෙයකි.

Yibo ට දැනෙන්නේ Xiao Zhan ඔහු සමග නැත්තං එය හරියට Wang Yibo නමැති පුද්ගලයෙක් මෙලොව ජීවත් වුණා යැයි පැවසීමට කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමින් ඔහුගේ සියලුම පැවැත්ම අතුරුදහන් වී යනවා සේය.

ඊළඟ දින උදෑසන Yibo ඔහුට උයමින් සිටිනා විට Xiao Zhan පැවසුවේ කෑම මුලක් ඔහුට ඕනෑ බවයි. දෙදෙනෙකුට ප්‍රමාණවත් වෙන විදිහට ඕනෑ බවයි. අනෙකා කවුදැයි ඇසීමට තරම් Yibo නිර්භය නොවීය. ඔහුගේ අණට කීකරු වූ Yibo එසේම කළේය.

Xiao Zhan ( සිංහල Version )Wo Geschichten leben. Entdecke jetzt