සුදු කටරොළු 33

Começar do início
                                    

" හලෝ ලොකූ කියන්න..."
සහස් කවී ලගින්ම ඇදේ වාඩි වෙන ගමන් කිව්ව..

" චූටි මොකක්ද උනේ  අම්ම මට කිව්ව ඔයා ආපහු ලන්කාවෙන් යන කතාවක්..."
  ලොකු අයියගෙ කලබල කටහඩ ලයින් එකෙන් ඇහෙද්දි අයියල පවු කියල සහස්ට හිතුන  ...
ලන්කාවට ආපු දවසෙ ඉදන් තමන්ට ආදරේ කරන අයව රිද්දනවට වඩා දෙයක් තමන් කලේ නැහැ නේද කියල මතක් වෙද්දි සහස්ගෙ හිතට ආපහු මහා වරදකාරී හැගීමක්  දැනුන..

" ඔව් ලොකූ මට ආපහු යන්නම වෙනව.."
සහස් අයියට කියන ගමන් එහාපැත්තෙ ඉන්න කවීගෙ දිහා බලන් හිටියෙ ඒ මූනෙ දුක පිරිල යද්දි...

" මන් හිතුවෙ ආපහු යන්නෙ නෙවෙයි ආවෙ කියල ඔයා...
ඇත්තටම උබට යන්නම ඕනිද චූටි ...."
අයිය ලයින් එකේ අනික් පැත්තෙ ඉදල බලාපොරොත්තු පිරුනු කටහඩකින් අහද්දි සහස් එයාටම කියාගත්ත අයිය මන් ආයි ඔයාලව දාල යන්නෙ නෑ බය වෙන්න එපා කියල...

"  මට යන්නම වෙනව ලොකු  ඔයා දාන්නවනෙ මන් එහෙ ඩිග්‍රි එක කම්ප්ලීට් කරාට එහෙ ඔක්කොම වැඩ ඉවර කරගෙන නෙවෙයි ආවෙ කියල ඒකයි ආපහු යන්නෙ...
අනික මන් යන්නෙ ඒ වැඩ ටික ඉවර කරල සදහටම ලන්කාවෙ නවතින්න හිතන් එන්න ... මන් කොහොමද හලෝ ඔයාලව දාල තවත් එහෙට වෙලා ඉන්නෙ ..."

සහස් එහෙම කියද්දි කවී ගැස්සිලා සහස් දිහා බැලුවෙ ඔය කියන්නෙ ඇත්තද කියල අහන්න වගේ...

" මන් හෙට යනව  ලොකූ වැඩිම උනොත් දවස් තුනක් යයි මන් ගිහිල්ල එහෙ ඩීටේල්ස් ටික කම්ප්ලීට් කරල ලන්කාවෙ හොස්පිටල්  එකකට  මගෙ ට්‍රේනින් එකේ ඉතුරු ටික හදාගෙන ආපහු එනව ආපහු මන් ඔයාලව දාල කොහෙවත් යන්නෙ නෑ  ඉස්සර වගේ නෙවෙයිනෙ ලොකූ මට දැන් දාල යන්න බැරි දේවල් ගොඩක් මේ පුංචි රටේ තියනව... "

සහස් හිනාවෙවී කියද්දි ලොකු අයිය ලොකු හුස්මක් අරගන්නව ලයින් එකෙන් ඇහුන..

" ඇත්තටම මන් බය උනා උබ ආපහු අපිව දාල යයි කියල... උබ නැතුව අපි අසම්පූර්ණයි චූටි   උබගෙ හිත හදාගන්න ඕනි නිසා කලින් අපි උබට යන්න දුන්නට අපි ගොඩාක් අමාරුවෙන් තමා උබට යන්න් දුන්නෙ... "

" මන් දන්නව ලොකූ මට සමාවෙන්න මන් ආපහු ඔයාල කාවවත් දාල යන්නෙ නෑ එහෙනම් ඔයාල පරිස්සමට එන්න මට වැඩ තියනව යන්න කලින් කරගන්න  ..."

සුදූ කටරොලු...Onde as histórias ganham vida. Descobre agora