සුදු කටරොළු 33

796 128 9
                                    

සුදු කටරොළු ... 33

"අනේ යන්න එපා බන්... ප්ලීස්... ආපහු මාව දාල යන්න එපා බන්... "

" උබ එක පාරකුත් මාව දාල යන්න ගියා බන්... මතකද උබයි මමයි ඒ දවස්වල දැක්ක හීන එකට කැම්පස් යන්න එකට ආදරයක් හොයාගන්න...  
 
උබ ඒ වගේ හීන ගොඩාක් මට පෙන්නල මාව එතනටම එක්ක ගිහිල්ල මාව දාල යන්න ගියා බන්...
අපි දෙන්න එකට දැකපු හීන මගෙ ඇස් ලග ඇත්ත උනා බන් ඒත් ඒ හැම වෙලාවකදිම මන් හිටියෙ තනියම බන්..

උබ දන්නවද මන් කොයි තරම් තනි වෙලාද කියල...
මට කොයි තරම් යාලුවො හිටියත් උබ නැතුව ඒ හීන දකිද්දි මන් හිතෙන් කොයි තරම්  නම් ඇඩුවා කියල උබ දන්නවද සහස් ...
උබ දන්නවද..."

කවී සහස්ගෙ අතේ එල්ලිලා ඇස් වල කදුලු පුරවගෙන කියනකොට සහස්ට මහා වරදකාරී හැගීමක් දැනුන...

තමන්ට දුක ඉවසන්න බැරිව ලන්කාවෙන් යන්න ගියා ඒත් ලන්කාවෙ තනිවුන අය කොයි තරම් නම් විදවන්න ඇද්ද කියල සහස් නිකන් වත් කල්පනා කරේ නෑ..
ජීවිතේ පලවෙනි පාරට තමන් හදාගන්න බැරි තරම් ලොකුම ලොකු වරදක් කරා කියල දැනෙද්දි සහස්ට කෑ ගහල අඩන්න හිතුන...

"  මන් තනියෙන් ඉන්න ටික ටික පුරුදු වෙන කොටම උබ ආපහු මගෙ ජීවිතයට ඇවිල්ල ආපහු ඉස්සරටත් වඩා මගෙ ජීවිතයට ලන් වෙලා ආපහු මාව දාල හිටපු ගමන්ම යන එක සාදාරනයිද බන්... මමත් මනුස්සයෙක්නෙ බන්.....
අනික ....
අනික

මන් උබට.............."

කවීට කියල ඉවර කරන්න උනේ නැහැ සහස්ගෙ ෆෝන් එක මහ හයියෙන් රින්ග්ස් යන්න ගත්ත...

සහස් දඩි බිඩි  ගාල ෆෝන් එක කට් කරේ කවී කතා කර කට ඉදපු නිසා...

" සොරි බන් මොකක්ද  උබ කියන්න  ගියෙ..."

සහස්  කවී දිහා බලන් ඇහුවෙ  කවී කියාගෙන ගියපු එක කෝල් එක නිසා නතර කරපු නිසා...

" නැහැ නැහැ මොකුත් නැහැ බලපන් කව්ද කතාකරේ කියල..."

කවී ඇස් වල කදුලු පිහදගෙන සහස්ගෙ අතින් අතාරින ගමන් කිව්ව..

" නෑ නෑ ඒක අවුලක් නෑ උබ මොක්කද කියන්න ගියෙ කියපන්කො..."

" නෑ නෑ මොකුත් නෑ ..."
කවී එහෙම කියන ගමන් ඇදෙන් ආපහු වාඩි උනා  ...
සහසුත් ආපහු  කවී ලගට එද්දිම ආපහු කෝල් එකක් ආව..

සුදූ කටරොලු...जहाँ कहानियाँ रहती हैं। अभी खोजें