සුදු කටරොලු ...21

796 136 7
                                    

සුදු කටරොලු ...21

සහස් උදේම ඇහැරුනේ මූනට වැටුන ඉර  එලිය නිසා .
ඒ එලිය නිසා නින්ද කැඩුන නිසා සහස් අනික් පැත්ත හැරිල ආපහු නිදාගන්න හැදුව. ඒත් සහස්ගෙ ලගටම වෙලා නිදන් ඉන්න කවීව දැක්කහම සහස් නිදාගන්නෙ නැතිව කවී දිහා බලන් හිටිය.

සහස් ඉස්පිරිතාලෙ කියල දැනගත්ත වෙලාවෙ ඉදල් කවී සහස් ලගින් හෙලවුනේ නැහැ හැම වෙලෙම ලගට වෙලාම ඉදිය.සහස්ගෙ මූන ලගටම මූන තියන් නිදන් ඉන්න කවීව දැකහම ආපහු හිතට මහා බර ගතියක් දැනුන. සවින් එක්කෙ මෙහෙම නිදාගන්න මේ විදිහට උදේට නැගිටල සවින් නිදන් ඉන්නව බලන්න තිබ්බනම් කියල සහස්ට හිතුන එත් එක්කම සහස්ගෙ හිත කෑ ගහල කිව්ව උබ එච්චර පින් කරල නැහැ කියල. තිබ්බ නිදිමත වෙනුවට කියාගන්න බැරි තරම් දුකක් දැනෙද්දි සහස් ඇදෙන් නැගිටල ජනේලෙ ඇරගෙන බැල්කනි එකට ගියා.

ටික ටික වටපිට එලිය වැටෙන කොට හරිම ලස්සන උනත් සහස්ගෙ හිතේ තිබ්බ දුක නිසා සහස් ඒ ලස්සන වෙනද වගේ වින්දෙ නැහැ. බැල්කනියෙ තියල තියන ඇදි පුටුවට වෙලා වෙනදට අහස දිහා බලන් හිනාවෙවී සතුටින් ඉන්න සහස් අද ඒ වෙනුවට කදුලු වලින් ඇස් පුරවගෙන් හිස් අහස දිහා බලන් ඉද්දි සහස්ගේ හිත සහස්ටම කිව්ව උබ ගොඩක් වෙනස් වෙලා කියල. කදුලු ,පිරුණු ඇස් වලින් අහස් දිහා බලන් ඉන්න සහස්ට දනුන කව්රු හරි එයාගේ ඔලුව අතගානව කියල .ගැස්සිල ඒ පැත්ත බලද්දි සහස් දැක්කෙ කොන්ඩෙ අවුල් වෙලා පිස්සෙක් වගේ නිදිමත පෙරි පෙරි එයා දිහා බලන් සහස් ගේ ඔලුව අතගාන කවීව. ඒක දැක්කහම සහස්ගෙ අදුරු මුන පොඩ්ඩක් එලිය වැටුන.
" ගුඩ් මෝනින් මැට්ටො."

“ගුඩ් මෝනින් කවී." සහස් කිව්වට පස්සෙ කවී සහස්ගෙ අතින් ඇදල සහස්ව පුටුවෙන් නගිට්ටුවා.

“ඇයි බන්.” සහස් ඇහුවෙ මොනව කරනවද කියල හිතාගන්න බැරුව. " කටවහපන් උලමො අනික් මිනිස්සු ඇහැරෙයි."

එහෙම කියල සහස්ව නැගිට්ටවල කවී පුටුවෙන් වාඩි උනා. සහස් ඉතින් ආපහු මොකුත් නොකියම එහා පැත්තෙ තියන පුටුවක් ලගට යන්න කියල හැදුව වාඩි වෙන්න.

"කොහෙද යන්නෙ."
කවී ඇහුව.

" වාඩි වෙන්න."

“අනේ මගුල් නොකර මෙහෙට වර." කවී. එහෙම කියල සහස්ගෙ අතින් ඇදල ගත්ත. සහස්ව ගිහිල්ල නතර උනේ කවිගෙ ඇග උඩ කවි එහෙම්ම ම සහස් ගෙ ඇග් වටේට අත් දෙක දාල සහස්ව තුරුල් කරගත්තා.
" ඇයි බන් මේ. "

සුදූ කටරොලු...Where stories live. Discover now