0️⃣1️⃣ දිගහැරුම

Start from the beginning
                                    

' 🔰 මේජර් ආදිත්‍ය කේශ්වර 🔰 ' සයුල් කීප විටක්ම  තම හිතින් ඒ නම මිමිණීය...

' ඔහුටම ගැලපෙන නම ' ......
සයුල්ගේ හිත කිවේ එහෙමයි

" හරි සර් "

" ම්ම්...... ඔයාලා දැන් ගිහින් ටිකක් රෙස්ට් කරන්න ,
අපි හෙට හවස් වෙලා ඔයාලා ආව දේ ගැන කතා කරමු "


" ආ...ම්...  මේ සර් ?
අපි හෙ..ට  ඉඳලම වැඩ පටන් ගන්න කියලා බැලුවේ  "

සයුල්ගේ මිතුරා සෙහන්ස පවසන්න විය......
නමුත් මේජර් ආදිත්‍ය මොහොතක් නිහඬව සිටින්න විය.

" Mmm. Ok
අපි හෙට මේ ගැන කතා කරමුකෝ, දැන් ඔයාලා යන්න ,
සාජන් මෙයාලව එක්කරගෙන යන්න "

මේජර් ආදිත්‍ය⁣යගේ මුවේ අදුන ලා උපහාසාත්මය සිනාව සෙහන්නම් නොදුටු සෙයකි......
නමුත් ඔහුගේ මුහුණ දෙසට ඕනෑවටත් වඩා අවදානයක් යොමු කල සිටි සයුල්ට නම් එය වටහා ගැනිමට හැකි විය....

'ඒත් ඒ කුමක් නිසාද ? ' ...... සයුල් ඒ කල්පනාවෙන්මයි මේජර්වරයාට මදක් හිස නමා අචාර කර කලින් රැගෙන ආ නිලධාරියා පසුපස වැටුනේ

              ***

#කේශ්වර  🍁


රාත්‍රි එකොලහ පසුවන තුරු තම වැඩ කටයුතු කීපයක් වෙනුවෙන් කාර්බහුල වු මේජර් ආදිත්‍ය ,
නේවාසික කුටිය වෙත පැමිණ සැහැල්ලු ඇදුමකට මාරු වුයේ ගත ටිකක් සැහැල්ලු කර ගැනිමටයි...

අවට වටපිටාවේ අනවශ්‍ය විදුලි බුබුලු සියල්ල පහේ නිවා දමා ඇති හෙයින් ඇත්තේ පාළු ස්භාවක්..

කුසගින්නක් තිබුනා වුනත් කන්න එතරම් පිරියක් නැති වුයෙන් තම නේවාසික කුටියට ටිකක් එපිටින් විශාල ප්‍රදේශයක් වසා අතු පරත විහිදි ගොස් තිබු විසල් කොට්ටම්බ ගහ යට මේජර් ආදිත්‍ය  වාඩි වුයේ තම දෑස් හිස් අහස් කුස වෙතට පාකර හරිමින් ......

දිවා කාලයේ ගිණිගහන කාෂ්ඨක අව් රශ්මියෙන් රත් වු පොළව රාත්‍රිය වෙද්දී සිසිල් වෙමින් පැවතිය වුවද,
රාත්‍රිය විටින් විට හමා යන මද සුළඟ ඒ උණුසුම සමගයි හමා යන්නේ ......

මේ නිසාවෙන්,  ගත දාහයෙන් නංවන්න  දිවා රාත්‍රි කියා වෙනසක් නැත.
මේ උතුරු වන්නිකරේයේ වෙසෙන්නවුන්ට නම් දැන් මෙය හුරු වූවකි.....

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now