0️⃣1️⃣ දිගහැරුම

Start from the beginning
                                    

සයුල්ගේ දැස් දැනටමත් වෙහෙසකර සටනකය,
මංද..... මේ අන්දකාරය නුහුරු දෑස් වලින් ඔහු වෙහෙසෙන්නේ අවට වටපිටාව ග්‍රහණය කර ගැනුමටයි .

ඔහු බලන්නේ මාධ්‍යවේදී දෑසින්ද නැත්නම් ඔහුගේ සුපුරුදු දෑසින්ද  යන්න ඔහුටවත් හිතා ගන නොහැක.

රාත්‍රි කාලය  සීතල විය යුතුයි.........
නමුත් දැන් ශරීරය හරහා හමා යන රාත්‍රි සුලගෙනම් ඇත්තේ කටුක රළු උණුසුම්  බවක්,

මේ හමායන සුළඟ ඔහුන්  දැන් සිටින්නේ  උතුරු වන්නිකරේයේ බව මතක් කර දෙනවා නොවෙද...

" සර් ! "


" ඔව් සාජන් "


" සර් මේ අර එනවා කිව ජර්නලිස්ට්ලා දෙන්නා "



තමන්ලාව රැගෙන ආ හමුදා නිලධාරියා මෙතන ඉන්න ප්‍රධානියා යැයි පැවසිය හැකි අයෙක්ට හදුන්වා දෙන අතර සයුල් වටපිට බැලුවේ ඔහුන් සිටින මේ කාර්‍යාල කාමරයේ දළ අදහසක් ගැනුමටයි..

තමා ඉදිරියේ සිටි හමුදා නිලධාරියා ඔහුන් දෙදෙනාව ප්‍රධාන නිලධාරියාට පෙනෙන සේ ඉදිරියේන්  ඉවත්ව පසෙකින් හිටගනිද්දී,
සයුල් දැනුයි ඔහුව දුටුවේ ........

පිළිවෙළින් සාජන්වරයත් ඉන්පසු තම මිතුරා දෙසත් පසුව තම දෙසට ඒ දෙනෙත් යොමු විය.

කිසි බුරුලක සේයාවක් නැති , විනිවිද පේන නීලවර්ණ ඇස්වල තිවෘර බව,  මෙතෙක් වෙලා විපරම් සදහා වෙහෙසුන සයුල්ගේ දෙනෙත් බිමට පා කරන්න සමත් විය..

සයුල් ගැහෙනවා......
කුමක්දෝ නුහුරු තිගැස්මක් ඒ හිත වටා එතිලා කිවොත් නිවැරදි.

" මෙයාලාගේ ඩීටෙල් ඔක්කොම හරී කියලා  conforme කලා මට හෙඩ් ඔෆිස් එකෙන් ,
ළඟ තියන ඩොකියුමන්ට් ටික අරගෙන මෙයාලව එක්කගෙන යන්න .... මහන්සිත් ඇතිනේ...... "

ඒ ගැඹුරු හඬ ඔස්සේ බිමට බර දෙනෙත් වලට තවදුරටත් ඉඩ නොදුන් සයුල් බැලුවේ ඔහු දෙසයි..

ඒ මුහුණ  කඩවසම් .......
ඔහුගේ එක  බැල්මකින් ඕනැම අයෙක් සලිත කරන්න පුළුවන් බවනම් නොරහසකි,

ඔහුගේ මේසය මත තිබු නාමය සදහන් තඹ පැහැ නාම පුවරුව වෙත සයුල්ගේ අවධානය යොමු වුයේ ඉන් අනතුරුවයි.

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now