chapter 12

539 100 8
                                    

Six months later ..........

Yenu pov .......

මාස හයක් නොදැනිම වේගෙන් ගෙවිලා ගියා . දැන් මායි ජනියයි ආපහු අපේ apartment  එකට ආවේ මට හොද වුන නිසා . තවත් අරක අස්සේ හිටියා නම් පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. ජින් ඔප්පා නම් ඉන්නමයි කිව්වේ ඒත් ඉතින් මගේ කෙලින් තීරණ නිසා අපි ආපහු අපේ apartment  එකට ආවා.

එතකොට ජනියා ගැන කියනවා නම් එකීට මල් සරා එක ඊතලයකින් නෙවේ හත අටකින් විදලා. කොහොමින් හරි කෙල්ල ජිමින් ඔප්පාව දැලේ දාගත්තා. ඔක්කොම හරි කියමුකෝ මුන් දෙන්නාගේ ලව් කිරිල්ල  තමා ඉවසන්න බැරි . පැයක් යාලුවෙලා ඉදියොත් දවසක් තරහා වෙලා. එයාලා ආදරේ කරන්නේ හරි අමුතු විදිහකට .

ලොකුම වැඩේ කියන්නේ ජිමින් ඔප්පාට කරුමෙකට දෙන්නාගේ ඇනවසරි එක අමතක වෙලා. එදා ඉදන් අද වෙනකන් ජනියා ඔප්පාගේ කෝල් ආන්සර් කරන්නේ නේ. එක අතකින් පව් ඔප්පා වැඩ කීයක් නම් තීනවද . මේ පිස්සි බලන් ඉන්නෙම වලි අදින්න.  අන්තිමට ඔවාගෙන් තැලෙන්නේ පොඩි වෙන්නේ අහිංසක මම. තනිකඩ හිත් වලට මේවා දරාගන්න අමාරුයි .

එතකොට මන් ගැන කතා කරනවා නම් මම මගේ කෝස් එක ඉවර කරලා ආතල් එකේ ජොබක් සෙට් වෙනකන් ඉන්නවා. ඒ වගේම වෙනසක් නැතුව අර හීන පේනවා. දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තමයි පෙන්නේ. කේ ඩ්‍රාමා බලලා වැඩි වෙලාද මන්දා රජකාලේ සීනුත් පේනවා කවුද කොල්ලෙකුත් ඉන්නවා ඒත් රූපේ අපැහැදිලි . කට හඩ ටේහියොන් ගේ කටහඩට සමානයි .

ආ ටේහියොන් කියද්දී මතක් වුනේ. ඒ මනුස්සයා හැසිරෙන්නේ මහා අමුතු විදිහට. බයත් හිතෙනවා වෙලාවකට. එක වෙලාවකට හිනා වෙනවා ,තව වෙලාවට ඔරවනවා ,අහක බලන් යනවා , මගේ දිහා බලාගෙන ඉන්නවා. ඔන්න ඔය වගේ දේවල් මේ මනුස්සයා පහු වුන දවස් ටිකේ කලා. ඒ බලන විදිහට මටත් පිස්සු හැදෙන්න වගේ.

මගේ ඔලුවම කොලොප්පන් වෙනවා.  දැන් මාසෙකින් විතර දැක්කේ නෑ හැබැයි . මොනා කරනවද දන්නේ නෑ.

එයා මොනා කරත් මට මොකෝ. වෙලාවකට මට හිතෙනවා මට හීනෙන් පේන ඇස් ටේහියොන්ගේ ද කියලා එයාගේ ඇසුත් හරියටම ඒ වගේ. කට හඩ පවා. ඒත් මේවා මට පේන මනෝ විකාර නම්. අනේ මන්දා මට හිතා ගන්න බෑ.

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now