මේ හැම දෙයක්ම කල්පනාවට එද්දි මං මගේ ඇහි පිහාටු විවර කළේ අසීරුවෙන්...මගේ සයනය අසළින් පුටුවකුත් තියන් Macau නිදන් ඉන්නවා මං දැක්කෙ ඒ මොහොතෙ..මං ඒ වෙලාවෙ බලාපොරොත්තු වුණේ මං ගාවින්ම Pete ඉඳී කියලයි..බලාපොරොත්තුවෙන් හිටිය කෙනා නොහිටිය නිසා වෙන්න ඇති හිත ඇතුළෙන් හීනියට රිදුමක් එන්න ඇත්තෙ...

මට පියවි සිහියට ආවත් එක්කම Macau හැදුවෙ Pete කෝල් එකක් ගන්න...ඒත් ඒවා කොහෙද මේ Vegas එක්ක..කාටවත් කෝල් ගන්න කිසිම වුවමනාවක් නෑ කියලා මං Macau ට කිව්වට පස්සෙ එයා රූම් එකේම කෙළවරක තිබ්බ පුටුවකට වැටිලා නිදා ගත්තා..මමත් මගේ ඇස් දෙක පියා ගත්තෙ සිදු වෙන දේවල් ගැන හිතන ගමන්...

ඊට සුළු වෙලාවකට පස්සෙ මට ඇහුණෙ දොර හෙමිහිට විවර වෙන හඬ..මං යම්තමින් ඇස් ඇරලා බැලුවෙ කාමරේට ඇතුළු වුණේ කවුද බලන්න...අන්න ඒ වෙලාවෙ තමයි මං දැක්කෙ වෙහෙසට පත් වෙච්චි මූණක් එක්ක Pete කාමරේට ඇතුළු වෙනවා.එයාව නොදැක්ක විදිහටම මං තව දුරටත් මගේ දෑස් තද කරලා පියන් ඉද්දි මට ඇහුනා Pete ජනේලෙ අසළට එයාගෙ පාද තියන රටාව..කාමරේට හිරු එළිය වැටෙන්න එයා ජනෙල් තිරය ඈත් කරද්දි මං හෙමිහිට මගේ දෑස් විවර කරලා බැලුවෙ එයා දිහා...

"ඔයා අවදි වුණාද?"හරිම ආදරණීය හඬකින් ඔහු මගෙන් ඇහුවෙ..

"ඔව්..දැන් ටිකකට කලින්..ඔයා කොහෙද හිටියෙ මෙච්චර වෙලා...?"මං ඔහුට පිළිතුරු  දුන්නෙ සැහැල්ලු සිතින්..

ඒ අවස්ථාවේ තමයි මට වැටහුණේ ඔහු පිටතට ගොස් තිබුණේ  මගේ සහෝදරයා සඳහා ආහාර ගෙන ඒමට බව..

"Why..? Why are you still here..?"මං ඔහුගෙන් අසන්නට වූයේ ඔහු තවමත් මා අසළ සිටින්නේ ඇයි දැයි මට අවශ්‍යයෙන්ම දැන ගැනීමට ඕනි වූ නිසාවෙන්. ඔහු පවසන පරිදි ඔහුට මා හැර දා කිසිම දෙසකට යා නොහැකි බව මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පිළිතුරක්..

නමුත්.....

මා සමඟ සිටීමෙන් ඔහුට තවත් කුමනාකාරයේ අසීරුකම් වලට මුහුණ දීමට සිදු වේදැයි සිතමින් මා ඔහුට පැවසූයේ ඔහු මේ අවස්ථාවේ මා හැර ගියත් එයින් මට කිසිදු ප්‍රශ්නයක් නොවන බවයි..මොකද මේ වන විට අහිමි වීමට කියා කිසිම දෙයක් මට ඉතිරි වෙලා තිබුණෙ නැහැ....

"මට මගේ හදවත කියන දේ අහන්න ඕනි..ඒ නිසයි මං ඔයා ළඟ ඉන්නෙ..."ඔහුගේ දෑතින් මගේ දෑත් අල්වා ගත් ඔහු කඳුළු පිරි දෙනෙතින් මදෙස බලා පැවසූයේ මගේ හදවත වේදනාවෙන් මිරිකිලා යද්දි....

ඉදින්...

මට මේ තරම් ප්‍රේම කරන ඔහුට කොහොමද මං තව දුරටත් සුරතල් සතෙකුට වගේ සලකන්නෙ..?මේ ලෝකය ඇතුළෙ මට ඉන්න වටිනම පුද්ගලයා ඔහු..මං වෙනුවෙන්ම ජීවත් වෙන ඔහුට කොහොමද මං සුරතලෙකුට වගේ සලකන්නෙ..? මං තීරණය කළේ ඔහුට මගේ ජීවිතයේ වටිනම තැන දෙන්න...ඒත් සමඟම මා ඔහුගේ දෙතොල් සිප ගන්නට වූයේ මට මඟ හැරී තිබූ ඒ පහස යම්තාක් දුරට ලබා ගන්න හිතාන..

ඒත් හිතුව විදිහට ඒ දේවල් කරන්න බැරි වුණා..මට ඕනි විදිහට එයාට කිස් එකක්වත් දෙන්න බැරි වුණේ කාමරේ කෙළවරක ඉඳන් අපිට බාධා කරපු මගේ මෝඩ සහෝදරයා  Macau නිසා...

💛Macau...

ඕ...හෝ....මට හොඳටම තේරුණා මේ දෙන්නගෙ මොකක් හරි හොරයක් තියෙනවා කියලා...අයියා ගැන Pete මෙච්චර වද වෙන්නෙ මොකද කියලා මටත් පුදුම කුතුහලයක් තිබ්බෙ..

වෙලාවට මට හොඳම වෙලාවෙ ඇහැරුණේ...මං  ඒ දෙන්නට බාධා කරන්න වුණේ මෙතන මමත් ඉන්නවා කියලා අඟවන්න...

🖤Vegas....

අපිට බාධා කරපු Macau අපි අසළට පැමිණ Pete ව පිළිගන්නට වුණේ ඒ මූණ තද රතු පැහැයට හරවමින්.Pete ඒ විදිහට ලැජ්ජාවෙන් මුහුණ පහතට හෙළද්දි මට ඔහු ගැන තිබුණ ආදරය තවත් වැඩි වෙන්න ගත්තා...ඇත්තටම ඔහු හරිම හුරතල්...!

Macau  දැන් අපි දෙන්නා ගැන දන්න එකේ මට හංගන්න කියලා කිසිම දෙයක් ඉතිරිව තිබ්බෙ නැහැ..ඒ සැහැල්ලු හිතත් එක්ක මං මේ ලෝකෙ මට ඉන්න වටිනම ජීවිත දෙක මගේ තුරුළට ගත්තෙ මේ මොහොතෙ ඉදන් ඒ දෙන්නව මගේ එකම වගකීම කරගෙන...

🌸🌸🌸🌸🌸🌸🌸

කතාව boring වගේද guysss...

කතාව boring වගේද guysss

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
VegasPete Beginning of the love...Where stories live. Discover now