යුරී සූබින් එක්ක කිචන් එකට වෙලා සුප් හදන වැඩේ පටන් අරගෙනයි හිටියෙ..

soobin : ආ.....හ්..ඒකද? සුප්..සුප් ඉතින් හොඳයිනෙ..ඒක වෙන්න ඇති..

yuri : අපොයි ඔයා නම්ම්ම්ම් ! සුප් දෙන්නෙ ගිලින්න ලේසි නිසා හලෝ...!

යුරී හිනාවකුත් දාන් එහෙම කීවෙ කැරට් අලයක් කපන ගමන්මයි...

මේ අතරේ....

@kai's room

sumi : කායි.. පොඩ්ඩකට නිදා ගන්න පැටියෝ...

සුමී මේ වෙද්දිත් කායිගෙ යටි හිත අවදිකරවන වැඩේ පටන් අරගෙනයි තිබුනෙ...

ඒකට මුලින්ම කරන්න ඕනි උඩු හිත නිදි කරවන එක..

ඉතින් ඒක නිසාම සුමී දන්න ජිල්මාට් එකක් දාලා කොහොමහරි කායිගෙ උඩු හිත නිදි කරවව්වා..

Sumi : කායි.. දැන් ඔයා ඉන්නෙ ඔයාගෙ කලින් ආත්මෙ.. ඔයා පුංචි පිරිමි ළමයෙක්...

සුමී කායිගෙ නළලෙන් අත තියන් එයාගෙ ඇස් දෙක වහන් කායිගෙ යටි හිතේ තිබුනු දේවල් හොඳට අධ්‍යනය කරගෙන ගියා..

මේ අතරේ....

@tae's room

?? : ඕහ් !

අර ආපු කෙනා ටේගෙ රූම් එකට යද්දි බොම්ග්‍යුයි ටේයි නිදියන් හිටිය හැටි දැකලා එයාට නම් හොඳටම හිනා..

?? : (රහසින්) හරියට පුංචි බබාලා දෙන්නෙක් වගේ අනේව්..!!

beomgyu : (රහසින්) ඔ..ඔයාහ්??? ෂ්..ෂ්.. සද්ද එපෝ..

බොම්ග්‍යු හිටියෙ තද නින්දක නෙවෙයි.ඒක නිසා බොම්ග්‍යුට තේරුනා ඒ වෙලාවෙ රූම් එකේ දොර ළඟ ඉඳන් කෙනෙක් කැකිරි පලනවා කියලා..

?? : (රහසින්) අම්මෝ හොර පූසා !

beomgyu : (රහසින්) යමු..

බොම්ග්‍යු ශේප් එකේ ටේ ලඟින් නැගිටලා ඇවිත් ඒ ආපු කෙනාවත් ඇදගෙන ස්ලැබ් එක පැත්තට ගියේ නිදහසේ කතා කරන්න ඕනි නිසා..
.
.
.
*step..step..*
.
.
.

@slab

beomgyu : මම කීවනෙ වස්තුවේ.. දැන් ඔයාට තේරෙනවා නේහ් ??

?? : හ්ම් හ්ම්.. අනේ මගෙ සත්තලන් පව් ඔප්පා !!!

beomgyu : මම උගෙ හිත හැදුවෙ මාර අමාරුවෙන්... ඔයාට කියන්න මේ යකා නින්දෙනුත් හ්‍යුන් හ්‍යුන් ගාන්වනෙ එතන ඉදන් !

Beyond the darkness [horror] ☑Where stories live. Discover now