මේ අතරේ.....

@slab

yeonjun : මට... මට?? සුමී මට උදව් කරන්න !

sumi : ඔප්පා ! ඔයා මං ගැන දන්නවනෙ? මම මනොවිද්‍යාව හදාරන කෙනෙක් විදියට මට ඔයා ඉන්න තත්වෙ හොඳටම තේරෙනවා...

yeonjun : සුමී...! වෙලාවකට මට හිතෙනවා මම මේ ලෝකෙ කෙනෙක් නෙවේ කියලා.වෙලාවකට මට හිතෙනවා මේක මගේම පවුල කියලා..ඒ මදිවට මට කෙනෙක් මොනාදෝ කියනවත් ඇහෙනවා විටින් විටේට..

යොන්ජුන් එයාගෙ හැම ප්‍රශ්නයක්ම වගේ සුමී එක්ක ඒ විදියට කතා කරන්න පටන් ගත්තෙ සුමී මේ දේවල්වලට ආගන්තුක කෙනෙක් නෙවෙයි නිසා..

සුමී කියන්නෙ මේ වෙද්දි මනෝ විද්‍යාව හදාරගෙන යන කෙනෙක්..එයා ඒ සබ්ජෙක්ට් එකට ගොඩක්ම දක්ෂයි..මේ වෙද්දි එයා ඒකෙ උපරිමේට ආසන්න වෙලයි ඉන්නෙ.ඉතින් මේ වගේ වෙලාවල්වලදි එයාට අනික් අයට වඩා තමන්ගෙ ළඟම ඉන්න අයගෙ මනස වටහා ගන්න පුළුවන් වෙන එක සාමාන්‍ය දෙයක්..

sumi : මටත් මේ දේවල් පැහැදිලි නැහැ ඔප්පා.අද මට බොම්ග්‍යු ඔප්පව මීට් වුන වෙලේ මට තේරුනා ඔයාලා ඉන්නෙ ප්‍රශ්නෙක කියලා.ඒක නිසාමයි මම අද මෙහෙ ආවෙත්..

yeonjun : මොකද්ද සුමී මට මේ වෙන්නෙ?

sumi : මට හරියටම කියන්න බෑ මෙතන වෙන දේ..ඒත් ඔප්පා මෙතන ඔයාලට අමතරව තව කෙනෙක් ඉන්නවා කියන එක නම් මට විශ්වාසයි..මට ඒක හොයා ගන්න ක්‍රම ගොඩක් තියෙනවා.ඒත් මට ඒකට ගොඩක් වෙලාව ඕනි..මට ඔයාලගෙ උදව්වත් ඕනි..

yeonjun : හරි.. අපි පුළුවන් හැමදේම කරන්නම්..

මේ වෙද්දි එලිය නම් කරුවල වේගෙනයි ආවෙ.අහසෙ තරු එලිය දෙන්න පටන් ගත්තා..හඳත් ලස්සනට පායලා තිබුණා..ඒත් එක්කම සීතල හුළ‍ං හතර වටේටම පැතිරුණා..

ඇත්තටම යොන්ජුන් මේ දේවල් සුමීට කියපු එකෙන් එයාගෙ හිත ගොඩක් නිදහස් වුණා..සුමිත් හිටියෙ ගොඩක් සතුටින්..මොකද එයාට පුළුවන් වුනානෙ ටිකක් හරි යොන්ජුන්ගෙ හිත හදන්න..

මේ අතරේ......

@tae's room

ටේ අඳුරු ලෝකෙක තනි වෙලා ඉන්න ඒ වෙලාවෙ ඒ මියුසික් එක නතර වෙලා යනවත් එක්කම ටේ ගැස්සිලා ඇහැරුණා..හෙඩ් සෙට් දෙක දාගෙන ඇඳේ හාන්සි වුනේ සින්දුවක් අහලා හිත නිවාගන්න වුනත් ඒ එක්කම ටේට ඒ සිද්ධ වුන දේ එක්ක ටේගෙ හිත තව තවත් ප්‍රශ්න ගොඩකම පැටලුණා..

Beyond the darkness [horror] ☑Where stories live. Discover now