kai : දෙයියනේහ්... දැන් නම් ආම් සෝ කූල් ! මොකද්ද බොල ඒ වුනේ? අනිවාරෙන් පිටසක්වලයෙක් ඇවිත් මේ ගේ උස්සන් ගිහින් අයිස්ලන්තෙන් අතාරින්න ඇති..

කායි මිල්ක්ෂේක් හැදිල්ල පැත්තක දාලා එහෙම කිය කිය අත් දෙක පටලවන් උණුහුම් වෙන්න හැදුවෙ ඇත්තටම ඒ සීතල කවදාවත් දැනිලා නැති විදියට..

"මීව්...මීව්....මීව්"

kai : අහ්.. කිටී පුතා..මොකෝ කායි පුතා ගාවට ආවෙ?? මක්කට්ටක් ඕනිද?නැත්තම් සස්සන පූ කෙල්ලෙක් ඕනි වෙලාද?

ඒත් එක්කම මෙයාලගෙ පූස් පැටියා ඇවිත් කායිගෙ කකුලෙ ඇතිල්ලෙන්න ගත්තා..එයා පාටින් තනි සුදු පූසෙක්..

ඉතින්.....

ඒ සීතලත් එක්කම කායි ආයෙ දෙපාරක් නොහිතා කිටීව වඩාගෙන තුරුල් කරගත්තා..

"මීව්....මීව්...."

kai : ඒක නෙවේ පූ කොල්ලෝ... මාත් මේ හොයන්නෙ මේ සීතල කොහෙන්ද එන්නෙ කියලා තමා ! මොකෝ වට පිට බැලුවෙ?

කායි අතේ හිටිය කිටී පුරු පුරු ගාන ගමන් බෙල්ල හරවලා කන් දෙකත් උස්සන් ඇස් ලොකු කරන් එකපාරටම කිචන් ඒකේ දකුණු කෙළවර පැත්ත බැලුවා..

?? : බහිෂා සා.. ඉබ්‍ර්කිආනබ්ව්ජ්බ්ස් ආ ! ඉව්ව්ව්ව්ව්ක් !! ඔහ් හහ් හා !!

ඇත්තටම එවලෙ කිචන් එකේ දකුණු කෙලවරේ තිබුනු කායිට නොපෙනෙන එක දෙයක් කිටීට පෙණුනා..

"මීඊඊඊඊව් !!!!!"

kai : ආව් කිටී !!!

ඒත් එක්කම කිටී කායිගෙ බෙල්ලත් හූරගෙනම කායිගෙ අතින් බැහැලා නැට්ටත් උස්සන් වේගෙන දුවගෙන යන්න ගියේ ඇත්තටම ඒ දැකපු දේට බයෙන්....

kai : ආව් මේ යකා නම් හැදෙන්නෙම නෑ !! මදෑ හුරතල් කරන්න ගත්තා !! ශික් විතරක්..

අන්තිමට කායි පූසටත් බැන බැන ටිෂූ එකකින් බෙල්ලෙ තිබුන ලේ පාර පිහදලා ඒක ඩස්ට් බින් එකට දාලා ආයෙම මිල්ක්ෂේක් ටික හදන්න ගියා...

මේ අතරේ.......

@tae's room

ටේ මේ වෙලාවෙ හිටියෙ ගොඩක් වේදනාකාරි සංගීතයකට ඇහුන්කන් දෙන ගමන්.....

Beyond the darkness [horror] ☑Where stories live. Discover now