-3-

85 15 14
                                    


අපේ ආදරේ පටන් ගැන්මේ සංකේතයක් වගේ හිරි පොද වැස්ස ටිකෙන් ටික වැඩි වෙන්න ගත්තේ අපි දෙන්නවම වැස්සෙන් නෑවිලා යද්දී.මට වැස්සට තෙමෙන්න ඕනෙකමක් තිබ්බේ නැතත් පොඩි එකෙක් වගේ උබ මගෙ පපුව බදන් ඉද්දී උබව ඈත් කරන්න ලෝභ හිතුනා මැණික.වෙලාව ගෙවෙනවා දැනුන් නැහැ අපි දෙන්නටම. වැස්ස හිමින් හිමින් නතර වෙලා ඈත අදුර ගලන් ඇවිත් අහස් තලයම අදුරු කරනවා.
කිසිම ආගන්තුකකමක් නැතුව උබ මගෙ පපුවෙ සැප නින්දක හිටියේ ඇහරවන්න ලෝභ හිතෙන විදියට.මන් හිමීට උබේ සුදුම සුදුපාට කන් පෙත්තක් මගෙ අයිස් වගේ සීතල අතකින් ඇල්ලුවේ උබව ඇහැරවන්න වෙන විදියක් හිතාගන්න බැරි වුන නිසා.

ආලෝක ..නැගිටිනවා..

🖤ආ....අ..හස් අයියේ ඔයා..

ඇයි දැන්ද මාව දැක්කේ ?අකුණු ගහද්දී එකපාරටම නරි පැටියෙක් වගේ මාව බදාගත්තේ කවුරු කියලා හිතන්ද?

🖤නැහැ අයියේ එහෙම දෙයකට නෙවෙයි කිව්වෙ මන්.සොරි මන් හිතලා එහෙම කරේ නැහැ.

උබ ඉක්මනට මගෙ තුරුලෙන් මිදිලා මන් දිහා එකසැරයක්වත් නොබලා ගියාම මේ හිත රිදුනා කියලා උබ දන්නවද මැණික.මන් ඒ සීතලේම උබේ නමට කවියක් කිව්වෙ හිතේ තිබ්බ දුක වචන වලට පෙරලන ගමන්..

අන්සතු ඔබ වෙත
මගෙ සිත බැදිලා..
ඔබ ගැන සෙනෙහස
හිත තුල පිරිලා...
සම්මතයෙන් පිට
ප්‍රේමෙක වෙලිලා...
මගහැර යන්නට
බැරි ලෙස බැදිලා..
සෙනෙහස උතුරන
වදනට සිත් වී...
ඔය නෙතු අද්දර
නවතිනු රිසි වී ..
දැන දැන හිමි නොවෙනා
බව නොදැනී..
මම තව තව ඔබ වෙත
පෙම් කරමි...🥀

ඒ වෙනකොට මම මගෙ මුලු හැගීමම ගිටාර් එකෙනුයි මගෙ කටහඩිනුයි පිටකරලා තිබ්බෙ.විරාමයක් නැතුව ගලන කදුලු සාක්ශි දරයි ඔබ නමට මන් ඇඩූ තරම.හෙට වෙනකොට මේ කදුලු බෝගම්බර වැවට එකතු වුන තවත් එක වතුර බිංදු කීපයක් වෙයි.නිකන්ම නිකන් වතුර බිංදු කීපයක්.

____________________🥀

🖤අහස් අයියේ ...ඔයා මොකද මෙතන කරන්නේ?

You've reached the end of published parts.

⏰ Last updated: Apr 08 ⏰

Add this story to your Library to get notified about new parts!

U̶N̶R̶E̶Q̶U̶I̶T̶E̶D̶ L̶O̶V̶E̶ 🥀Where stories live. Discover now