-2-

102 17 7
                                    


පේරාදෙණිය කැම්පස් එක නැත්නම් පේරා කියන්නේ ඇත්තටම ගොඩක් අයගේ හීන හැබෑ වෙන ආදර සම්බන්ද වලට මුල පුරන ආදරණීය තැනක්.මගේ කතාවෙත් ආරම්භය පේරාදෙණිය කැම්පස් එක.
මන් හිතින් ගියේ අවුරුදු පහක් ආපස්සට.....

අවුරුදු පහකට පෙර...

අද ෆස්ට් ඉයර් එකට ළමයි අලුතෙන් එන දවස මායි මගෙ යාලුවො සෙට් එකයි බලන් හිටියේ මුන් ටික තනියෙන් අල්ලගෙන රැග් කරන්න.ඒත් පළවෙනි දවසේ රැග් කරන එක අපි හිතුව තරම් ලේසි වුන්නැහැ.එහෙමයි කියලා අපිත් උත්සාහෙ අතෑරියේ නැහැ.රෑ දොලහට ළං වෙලා අපි සෙට් එකම පල් ගද ගහන වතුර බාල්දි ටිකකුත් උස්සගෙන ෆස්ට් ඉයර් අයගෙ හොස්ටල් පැත්තට ගියේ හොල්මන් දෙක තුනක් අනිවාරෙන් දැකගන්න පුලුවන් වෙනවා කියන ශුවර් එකත් එක්ක.මොකද මේ හොස්ටල් සෑහෙන්න පරණයි.
කලු ජූලිය කාලෙ හොස්ටල් වල මැරුණු කැම්පස් එකේ අය හොල්මන් කරනවා කියලා කියනවා ..කියනවා විතරයි මන් නම් අද වෙනකන් දැකලා නැහැ.කොහොමහරි මායි මගෙ යාලුවො තුන්දෙනයි කඩා බිදගෙන හොස්ටල් එකේ දොර ඇරලා නිදන් හිටලු උන් ඔක්කොම නෑවුවා.උන් බය වෙලා සීතලෙන් වෙව්ල වෙව්ල අපි දිහා බයෙන් වගේ බලද්දී උබ විතරක් විතරක් අපි දිහා බැලුවෙ මරන්න තරම් කේන්තියෙන්.ඒ ඇස් වල තිබ්බ තරහ අදටත් මට මතකයි මැනික.
උබේ ඒ නිල් ඇස් වලින් තරහ පිට වෙද්දී මගෙ අහංකාර නපුරු කමත් එක්ක උබට කෑගැහුවෙ හිතක් පපුවක් නැති එකෙක් විදියට.

මොකද හු## උබ රවන්නේ ?

මගේ ඒ මෙලෙකක් නැති වචන වලට උබ කිසිම කලබලයක් නැතුව දීපු උත්තරේ නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වුනා.

🖤සතුටුයිද දැන්?අවුරුදු ගානක් මහන්සි වෙලා කැම්පස් ඇවිත් සතුටින් ඉන්න හදපු පලවෙනි දවසෙම කැම්පස් එකට ආදර්ශයක් වෙන්න ඕනි කියලා හිතන 3rd Year එකේ අය මෙහෙම හැසිරෙන කොට ආඩම්බරයි.ඇත්තටම ආඩම්බරයි.මගෙන් අත්පුඩියක් ඔයාලා හතරදෙනාටම.

උබේ ඒ වචන ඉස්සරහ මගේ කට නිශ්ශබ්ද වෙලා ගියේ මෙච්චර කාලයක් කැම්පස් එකේ තිබ්බ හයිය එක දවසින් මට නැති වුනා කියන හැගීමත් එක්ක.හොස්ටල් එකේ හිටපු ඔක්කොම උබත් එක්ක එකතු වෙලා අපිට අත්පුඩි ගහද්දී මන් ආපහු හැරිලා එලියට ගියේ උබව මරලා දාන්න තරම් තරහකින්.ඒත් ඒ තරහ ආදරේට පෙරලෙන්න වැඩි දවසක් ගියේ නැහැ.

U̶N̶R̶E̶Q̶U̶I̶T̶E̶D̶ L̶O̶V̶E̶ 🥀Where stories live. Discover now