-1-

231 22 37
                                    

දැනිලා තියෙනවද ආදරේ කරලා විදවන්න වුනාම දැනෙන ඒ වේදනාව ඒ තනිකම..

මමත් ඒ වගේ වේදානාවෙන් මිරිකිලා ඉන්න කෙනෙක්.
මටත් තිබුනා ආදරයක් ලස්සන ආදරයක්.ඒ නිල් ඇස් කලු කොන්ඩෙ සුදු පාට ලස්සන හම.හරියට අඹපු පිළිමයක් වගේ.ඒත් අපේ ආදරේට ආයුශ බොහොම අඩු වුනා.නියගයකට වැටෙන වැහිපොද වගේ එයා මගේ ජීවිතේට සතුට අරන් ආව ඒත්එක්කම ඒ වැහිපොද ගංවතුරක් වෙලා ගලන් ගියේ හැමදේම අරගෙන.අදට හරියටම අවුරුදු තුනක් උබ මාව දාලා ගිහින්.උබ හැමදාම ආසයි කිව්ව සුදු රෝස මල් පොකුරත් එක්ක මන් අද ඉන්නෙ උබෙ සොහොන ගාව.ඇයි මැනික උබට මාවත් එක්ක යන්න බැරි වුනේ.මේ පපුව උබ නමට මන් ලිව්වා කියලා දැන දැනම ඇයි උබ මන් ගැන සැක කරේ.රිදෙනවා පන මේ පපුවට දරාගන්න අමාරු තරමට රිදෙනවා.ලස්සනට ගියපු උබ සීල් කරපු මිනීපෙට්ටියකින් ගෙදරට එනකොට මේ පපුව පැලුන් නැති ටික විතරයි.අපේ ආදරේට සම්මතයක් අසම්මතක් ඕන්නැහැ කියපු උබම සම්මත අසම්මත ගලපන්න ගියපු එකයි මට දුක මැණික.මේ පපුවෙ පිරිලා තියෙන ආදරේ උබෙ නමට විතරයි පන දිව්වරනවා මන් කාටවත් ඒ තැන දෙන්නැහැ කියලා.ඉන්න තැනකින් එන්න මැණික උබේ අහස් ට දරාගන්න අමාරුයි උබ මෙහෙම සොහොනක නිදන් ඉන්න එක.මතකද කිව්වා උබ දවසක් මගේ අහස ඔයයි පන කියලා.ඒත් අද ඒ අහස අන්දකාරෙන් අදුරු වෙලා මැණික යන්න පාරක් හොයාගන්න බැරි විදියට අදුරු වෙලා උබේ ආලෝකය නැතුව මන් නිකන්ම නිකන් අහස් විතරයි.

Auther pov,

ලොකු සොහොනක කොතක් බදාගෙන අඩන මේ පිරිමි ළමයා තමයි අහස් විජේසිංහ ෆේමස් බිස්නස්මන් කෙනෙක්ගේ එකම පුතා.
ගොඩක් නපුරු චරිතයක් උනත් ඒ හිත ආදරෙන් පුරවපු ඒ පිරිමි ආදරේ නැති වුන දුක නිසා මානසික රෝහලක ජීවත් වෙන ආදරණීය ප්‍රේමවන්තයෙක්.

⛥අහස් අපි දැන් හොස්පිටල් එකට යන්න ඕනි .

මට ඉන්න දීලා පලයන් මෙතනින්.උබලා එකෙක්ටවත් මගේ ආදරේ තේරුම්ගන්න බැහැ.උබලා හිතන්නේ කොල්ලෙක්ට ආදරේ කරන එක මානසික රෝගයක් කියලද දැනගනින් පිරිමි හිතක තියෙන වේදනාව තේරුම්ගන්න පුලුවන් තවත් පිරිමි හිතකටම විතරයි.උබලාට මේවා කියලා තේරුම්කරන්න බැහැ.

⛥මිස්ටර් අහස් අපි දැන් යන්න ඕනි.

ඉතින් පලයන්.මට මගෙ මැණික ගාව ඉන්න දීලා පලයන්.

එතනට ආපු නර්ස් තව ටිකවෙලාවක් හිටියොත් අහස් දරුණු වෙනවා කියලා දන්න නිසාම ආපහු හැරිලා ටිකක් දුර ගිහින් අහස් දිහා බලන් හිටියා.

♥️මුන් මට පිස්සු කියලා හිතන්නේ මැණික.මට ඉවසන්න බැහැ මැණික උබෙ ඔය නිශ්ශබ්දය.පාලුයි හැමතැනම උබ නැතුව.අපේ අතීතේ මතක් වෙනවා නිතරම තනියෙන් ඉන්න වාරයක් ගානෙ.ඒ අතීතෙට ආදරෙයි මන්.මගෙ සුදු මැණික උබට විතරයි පුලුවන් උබේ අහස්ගෙ හිතේ වේදනාව නැති කරන්න.
නැගිටලා එන්න ඔතනින්.පරක්කු නැහැ උබ වෙනුවෙන් කල්ප ගානක් උනත් ඉන්න පුලුවන් මට...
කොහෙහරි ඉදන් දුවන් ඇවිත් මගෙ කොන්ඩෙ අවුස්සලා මගෙ කකුලෙන් ඔලුව තියාගෙන මූන දිහා බලන් ඉන්න.ඔය රෝස පාටට හුරු තොල් වලින් මගෙ මූනෙ හාදු පුරවන්න.ආසයි මැනික මන් ආයෙත් උබත් එක්ක නුවර වැව වටේ අත් අල්ලන් ඇවිදන් යන්න.ඒත් මන් පරක්කු වුනා මැනික.උබ මාව දාලා ගියේ මගෙ ආත්මෙත් අරගෙනමයි


අහස් සහ ආලෝක ...
මේ ඔවුන්ගේ ප්‍රේමයේ මිහිරි හා අමිහිරි මතකාවර්ජනයයි.....🥀



sad story එකක් ළමායි🙂.
කැමති අය කියවන්න.

Bl non fanfiction story එකක් 🙂ඒ නිසා අකමැති අය ඉන්නවනම් ආපු විදියටම රිවස් කරන්න.

MICKY♥️...

U̶N̶R̶E̶Q̶U̶I̶T̶E̶D̶ L̶O̶V̶E̶ 🥀Where stories live. Discover now