උත්ප්‍රේරකය (The Catalyst)

119 25 89
                                    

"මතකද නිව්ටන් කියා දුන්න කතන්දරයක්..?"

ගගන අහන්නෙ මහීගෙ පොත් මේසෙ උඩින් ඉඳගන්න ඉඩක් පාදගන්න ගමන්.. හරියට ඕනවට එපාවට වගේ... අහපු ස්වරය එහෙම වුණත්, තද දුඹුරුපාට තියුණු ඇස් වල තිබුණෙ වෙනම කතාවක්...! කොහොමටත්, ගගනගෙ ඇස් වලට ඒ බැරෑරුම්ගතිය නුපුරුදු දෙයක් නෙවෙයි... ඒත් පුදුමෙ කියන්නේ සෑහෙන කාලෙකට පස්සෙ, මහී ඉස්සරහදිත් ඒ බැරෑරුම්කමට ගගනගෙ ඇස්වල ඉඩක් ඇවිත්..!!

කාමරේ එහා මුල්ලෙ ඉඳන් මෙහා මුල්ලට දුඹුරු පාට ඇස් බෝල වල ස්වයංසිද්ධ දෝලන චලිතය නවත්තගන්න බැරිවුණ නිසා, නහය දිගේ රූටලා ආපු කණ්ණාඩි කූට්ටමට ඇඟිල්ලෙන් අණින මුවාවෙන් ගගන සැරින් සැරේ මූණ කව(ර්) කරගන්නවා... ඇස් පිහිදනවා, කසනවා නළල පොඩිකරනවා.. ඒ මදිවට ගෝනි ගණන් හොරගල් අහුලනවා...!

කොල්ලගෙ මූණෙ හරි මහන්සි පාට හිනාවක්... නෑ නෑ ඇත්තටම ඒක පට්ට ගේමක් දීලා මවාගත්තු හිනාවක්... කරුමෙට.. ගගනට අර හදවතේ කැඩපත මුහුණයි සීන් එක මහී ඉස්සරහා තදටම බලපානවා.. ඉතින් මෙහෙම හිත කලබල වෙලාවට මිනිහගෙ පෙනුම තනිකර විකාරයක්..! හෙණ ගහපු පැණිවරකා ගෙඩියක් වගේ.. ඉතින් හිතාගන්නකෝ...

ඇඳේ කොණක ඉඳන් එයාගෙ පැත්තට වැටිලා තියෙන අමුතු බැල්ම ගගන දැක්කෙ නැතුව නෙවෙයි.. ඇස් හීන් කරලා බලන විදියට යටිපතුල් සීතල වෙලා යනවා.. ගගන හැරෙන්න මොකටද කියලා මහීට ඉවක් වැටිලාවත්ද...?

ඒ මොනවා වුණත් ගගන අද ආවේ මොන ජාතියෙන් හරි අද මේක මහීට කියන්න හිතාගෙන..

එක විදියක පාපොච්චාරණයක්..... ම්හ්හ්හ් නෑ ටිකක්.. ඒ වගේ දෙයක්..!

නෝන්ඩි නොවී වැඩේ සකසෙස් කරගන්නෙ කොහොමද කියන එකට නම් වැටෙනකම් බිව්වත් උත්තර නෑ ඉතින්..! මහී කියන්නෙ දිනකට පස් වරක් කෑමට පෙර හා පසු මදන මෝදක ගන්න එකෙක්.... මේ ඉන්නවා මේ මොකක් හරි අල්ලන් හිනාවෙනවා... කොහොමත් මහී එක්ක වැදගත් සීරියස් සාකච්ඡාවක් කරන්න කලින් වස්තියක් කරවලා අර මෝදක ගුලි ටික අයින් කරවලා ඉන්න ඕන..

"ඕයි අහගෙනද ඉන්නෙ...? මෝඩයො..!!"

බැරිම තැන ගගන කෑගැහුවෙ මෙච්චර වෙලා මොකුත් නොදැකපු ගානට... හීනියට රණ්ඩුවක් අල්ලලම වැඩේ පටන් ගත්තොත් ඒ වාසියත් කොල්ලටම තමයි..

MurmuringsWhere stories live. Discover now