To the purest soul ever

109 24 25
                                    

සස්නක දියතලාව එවකට විසූ ජනප්‍රියතම සති අන්ත පුවත්පතක කතු වරයෙකි.. මීට දශක කිහිපයකට පෙර ඔහුත් ඔහුගේ සමීපතම මිත්‍රයෙකු වූ නිරූප මැදගම ත් පුවත් පත් වල තැබූ ආන්දෝලනාත්මක සටහන් අසා හෝ කියවා නොමැත්තෙකු නැතැයි විශ්වාස කරමි...

"Weekend Times" පුවත්පත පෙනෙන්නට නොවූ කාර්‍යයාලයක්, බස් රථයක්, පුස්තකාලයක් නොවූ තරම්ය... ඉදින් සියල්ලෝම මැනවින් දන්නා යමක් පිළිබඳව පවසන්නට ඕනෑවට වඩා උපහැරණ කුමකටද...?

පුවත්පතෙහි පළකෙරුණ ලිපි බොහෝමයක් කාලීන ගැටලු සම්බන්ධයෙන් වූ බැව්ද, "නිරුසස්" ලෙස පළ කෙරුණු විවිධ හෙළිදරව්කිරීම් වලින් යුතුවූ දීර්ඝ ලිපිය බොහෝ දෙනාගේ ප්‍රසාදයට පාත්‍ර වූ බැව් කිවයුතුය...

ඉදින් පෙර ඉඟියකින් හෝ තොරව ප්‍රවෘත්ති පත්‍රයෙහි පළකෙරුණු "නිරුසස්" හි ප්‍රකාශන හිමිකම් අයිතිය "Weekend Times" සතු වන බැව් දන්නා සියල්ලෝම, එහි කර්තෲ අයිතිය ඉහත කී තරුණ කතු වරුන් දෙදෙනා හට සම සමව බෙදී යන බැව් දැන සිටියේ නැත... ඒ දෙදෙනෙක් බැව් ඔවුන් හැඟවූයේද නැත... "නිරුසස්" යන්න හැරෙන්නට සිය නාමය වැරදීමකින් හෝ ලිපිය අග සටහන් කළේද නැත...  ඉදින් "නිරුසස්" රැගත් කලාප කිහිපයක් නිකුත්වන තෙක්ම සාමාන්‍ය ජනයාට නම් ඒ අලුතින් බඳවාගත් කවරෙකු  කතුවරයෙක් විය...

වෙන් වෙන්ව රාජකාරියේ නියැලුණු වසර කිහිපයකට පසුව, තරුණ කතුවරුන් දෙදෙනා අතර  දළු ලා වැඩුණු සමීප බැඳීම කුමක්දැයි ඔවුන් හඳුනන්නටත් මත්තෙන්, බාහිර පාර්ශවයන් එය කල්‍යාණ මිත්‍රත්වයේ නාමයෙන් ආවරණය කොට තිබුණි... සස්නක දියතලාව මෙන්ම නිරූප මැදගම ද එයට විරුද්ධ අදහසක් මතුවීමට ඉඩ තිබුණු අහු මුළු සියල්ල අහුරා තැබීමට වග බලාගත්හ...

එසේ ආන්දෝලනාත්මක ලිපි කිහිපයක් මුද්‍රණය කොට බෙදාහරිමින් වසරක් පමණ ගතවූ පසු ප්‍රබල දේශපාලන හස්තයක බලපෑමක් නිසාවෙන් සස්නක දියතලාවට සිය පුවත්පත් රැකියාව නිමකරන්නට සිදුවිය... නිරූප මැදගම, කවරෙකුගේ හෝ ඉල්ලීමකට එයට දින කිහිපයකට පෙර විදේශගත වී තිබුණේ සිදුවන්නට යන සියල්ල පෙර දැන සිටියාක් මෙනි...

MurmuringsWhere stories live. Discover now