යතුරෙන් දොර ඇරගෙන ගියාම කට්ටියම living room එකට  වෙලා ඉඳගෙන ඉන්නවා දැක්කම මත්ගේ ඇඟට ලේ ටිකක් ඉනුවා.
එයාලා phone එකකින් මොනවහරි බල බල හිටියා. ඒත් මන් එද්දිම වගේ ඒක එයාලා නතර කලා.


"හරි ළමයිනේ.... එහෙනම් දැන් ඔයාලා ගිහින් නිදාගන්න. අම්මෝ අදනම් කට්ටියට නින්ද යයි"

"එකනම් ඇත්ත Aunty මාර්තා. අපිට ගොඩක් සතුටුයි. Good night මාර්තා"

එහෙම කියලා ළමයි ටික තම තමන්ගේ කාමර වලට ගියා. ඒත් එයාලා කවුරුත් මාව දැක්කේ නෑ. මොකද මන් තාමත් දොර ළඟ හිටගෙන. එතන ඒ තරම් එළියක් තිබ්බේ නෑ.



"Angel බබාට දොයි මත නැද්ද?'

"ඔම්මා... ඔම්මා..."

"ම්ම්ම් ඔම්මා එයි Angel පැටියෝ. ඔම්මා ට ගොඩක් වැඩ ඇති අදත්. ඒත් ඉතින් අද ඔම්මා ඕනි වෙන එකක් නෑ නේද Angel ට"


මාර්තා එහෙම කියනවත් එක්කම Angel ඔළුව වැනුවේ ඔව් කියන්න වගේ... මොකක්... ඇයි මාව ඕනි නැත්තේ? ඒකටනම් පොඩ්ඩක් දුක හිතුනා මටනම්.



"අහ් ඒ කියන්නේ දැන් මට අලුත් බබෙක් හොයාගන්න වෙයි ද මාර්තා? Angel ට මාව එපාද?"


මාත් බොරුවට අඬන්න වගේ මුණකුත් හදාගෙන Angel ගාවට ගියා.

"ඔම්මා ඔම්මා..... අප්පා "


"අහ් Angel දැන් ගිහින් නිදාගමු නේද? ඔම්මාටත් මහන්සි ඇති නේ. අපි පස්සේ කතා කරමු"

Angel අප්පා කියලා නේද කිව්වේ? අප්පා ....... Angel අප්පා කියන්නේ....... ඒ jimin ට නේ... ඇයි දැන් Angel අප්පා කියලා කිව්වේ? ඇයි මාර්තා ඒ ගැන කතාව නතර කලේ?

ප්‍රශ්න කන්දරාවකට මාව යටවුණා වගේ මට තේරුණා. ආයෙත් සිහියට ආවේ මාර්තා කතා කරද්දී.

"නෝනා....."

"කියන්න මාර්තා. කෝ Angel?"

"එයානම් නිදාගන්න ගියා නෝනා. අද නෝනා නැතුවත් නිදාගනී"

"ඒ... ඒ ඇයි මාර්තා. ඇයි කලින් Angel අප්පා කියලා කිව්වෙ?"

"එන්නකෝ නෝනා අපි ඉඳගෙන කතා කරමු. නෝනා ආපු වෙලේ ඉඳන් හිටගෙන නේ"

මන් මාර්තා එක්කම සෝෆා එකෙන් ඉඳගත්තා. මාර්තා මන් දිහා ටිකක් වෙලා බලන් ඉඳලා හරි ලස්සනට හිනා උනා.

RescuedWhere stories live. Discover now