Chapter 1 - Surprise

187 30 0
                                    

අගෝස්තු 5 වෙනිදා ලබන්න තිබුනේ තව විනාඩී කීපයක් විතරයි.. Xiao zhan හෙමින් කාර් එකෙන් බැහැලා backseat එකේ තිබුන කේක් එකත් බෑග් එකත් අරන් door එක වහලා ඉක්මනට elevator එකට ගියේ කවුරුහරි දකින්න කලින්..

පහුගිය අවුරුදු කීපයේ xiao zhan එයාට උන කරදර එක්ක yiboව ටිකක් ඈත් කලා.. ඒකට yibo නම් මුලදි වැඩි කැමැත්තක් තිබුනේ නෑ.. ඒත් zhanට ඒ ඇර yiboව ආරක්ෂා කරන්න වෙන විදියක් හිතාගන්න බැරි උනා.. YH එකෙන් කීවත් Zhan වෙනුවෙන් කතා කරන්න එපා කියලා yibo ඇහුවේ නෑ.. ඒත් අන්තිමට zhanගේ ඉල්ලීමට yiboට බෑ කියලා කියන්න බැරි උනා.. එයාලා ටික කාලෙකට public interaction නවත්වන්න තීරණය කලා.. ඒත් ඒ ටික කාලය, එයාලා හිතුවට වඩා දිග උනා..

Zhan කලින්ම Yibo,ගේ bodyguardට කතා කරලා yibo කොහෙද කියලා confirm කරගත්තා... yibo කවදාවත් නැතුව ඇගට අමාරුයි කියලා shanghai වල apartment එකට ගියා කියලා lele zhanට කීවා.. zhan වටපිට බලලා ඉක්මනට lele කීව passcode එක ගහලා දොර ඇරියා..

12 වෙන්න තව විනාඩි දෙකක් වගේ.. මුලින්ම zhan දැක්කේ අදුරේ ගිලිලා තියන apartment එක.. living room එකේ පැත්තක තියන තනි විදූරු ජනේලෙන් එන මද එලිය නැත්නම් කලුවර කපන්න පුලුවන් තරම් තදයි.. zhan ටිකක් වෙලා බලන් හිටියේ yibo ඇතුලේ ඉන්නවද නැද්ද කියලා.. ලාවට වගේ ඇතුලෙන් ඇහෙන වතුර වැටෙන සද්දේ නිසා කවුරුහරි apartment එකේ ඉන්නවා කියලා zhan තහවුරු කරගත්තා.. එයා lights on නොකරම හෙමින් කේක් එකයි බෑග් එකයි coffee table එක උඩ තියලා ගියේ සද්දේ ඇහෙන දිහාට..

ඒත් ඊට කලින් zhan බිම බැලුවේ මොනවද පෑගුනේ කියලා.. අඩ අදුරේ ඒවා පෙනුනේ ලා දම් පාට මල් පෙති වගේ.. සමහරක් ඒවාගේ තැනින් තැන අදුරු පාටකින් තිත් වැටිලා නැත්නම් අමුතු රටාවක් මැවිලා තිබුනා.. බිමත් තද පාට මොනවාහරි දියරයක් හැලිලා..

"මට කලින් කවුරුහරි එයාව surprise කරන්න ඇවිත්ද??"

Zhan බිම පුරාම තියන මල් පෙති දිහා බලලා හිතලා bed room එක පැත්තට යන්න තියපු අඩිය ආපහු ගත්තා..

"මටත් පිස්සු.. අපරාදේ මට කලින් කතා කරන්න තිබුනා.."
Zhan හිත හිතම ආයේ හැරුනේ කිසි දෙයක් නොවුන ගානට යන්න.. ඒත් එක පාරටම bed room එකෙන් ඇහුන සද්දේට එයා ආපහු හැරුනා..

Smeraldo | Yizhan Hanahaki AUWhere stories live. Discover now