එතන ඉදන් යෙනූ දිහා හිනා වෙවී බලන් හිටියේ මන් මන්වගේම කොල්ලෙක්. කොහොමද එහෙම වෙන්නේ.

" ඔ ටේහියොන් කුමරුනි ........"

යා ............... මගේ නම මයි මුටත් තින්නේ ........ යෙනූ ඇයි මෙකාට කුමාරයා කියන්නේ.........?? පිස්සුද මෙකීට. හැබැයි පොඩි රාජකීය ලුක් එකක් තියේ තමා. එතකොට මේ ඉන්නේ මමද "

  මන් මගෙන්ම අහන ගමන් ඒ කොල්ලා වටේ වට දෙකතුනක් කැරකිලා එහෙම බැලුවා. අන්තිමට මම නිගමනේකට ආවා ඒ මන් කියලා.

" කුමරිය අපේ විවාහය ඊලග සතියේ සිදුවෙනවා............ "

මෝඕඕඕඕඕඕඕඕඩ වෙඩිම මගේ වෙන්න බෑ යෙනු එක්ක. මොකක්ද මේ වෙන්නේ තාම මට තේරෙන්නේ නෑ.

යෙනු ලැජ්ජාවෙන් හිනා වෙලා අර කොල්ලට තුරුල් උනා. ඒ කියන්නේ මන් වගේ කෙනාට.

" කුමරුනි මට පැවසීමට දෙයක් තියේ..... "

යෙනු කියනකොට මන් වගේ කොල්ලා කෙල්ලව ඒ විදියටම බදාගෙන හිටියා කිසි වෙනසක් නොකර.

" පොඩි ඊරිසියාවකුත් එනවා මට......"

" ඉතින් පවසන්න කුමරිය......."

" ම්ම්ම් ඔබ පියෙක් වෙන්නයි යන්නේ ..."

හත්තිලික්කේ මොකක් . මන් එච්චර ෆාස්ට් උනේ කොහොමද . ටේහියොන් ඔයා අද වගේම එදත් වැඩකාරයෙක් කොල්ලෝ. ඇත්තටම යෙනු කිව්ව එක අහලා නට දැනුනේ ලොකු පුදුමයක් . මට මන් ගැනම නිහතමානී ආඩම්බරයක් නොතිබුනාම නෙවෙයි ඉතින්.

" ඔ ඔය ඇත්තමද ........ "

මන් වගේ කොල්ලා අඩන්න ඔන්න මෙන්න ටොන් එකෙක් කියද්දී මට හිතුනෙම මූ දැන් අඩයි කියලා. 

" ම්ම් ඔව්......."

ඔන්න ඒ පාර නම් අඩාගෙනම කෙල්ලව බදාගත්තා.

" මට සතුටුයි හුගක්... කුමාවෝ යෙනු.... ඔබ දැන් ප්‍රවේශමෙන් පිටවෙන්න. මා දැන් මාලිගයට යා යුතුයි . "

එයා යෙනුගේ ඔලුවට උණුසුම් හාදුවක් දීලා ඔලුව අතගාන දිහා බලන් හිටියේ මටත් නොතේරෙන හැගීමකින්. ඇත්තටම එයාලා හරි ආදරෙන් ඉන්න කපල් එකක් වගේ.

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now