"හා... හා..... අනේ අනේ කෙල්ල. ඔක්කොමත් හරි. බෙහෙත් ටික උගුරෙන් පහළට දාගන්නවා කියන්නේ යුද්ධයක් වගේ මට නම්"


"අපෝ අප්පා ඕක වැරදිලාවත් පොඩි ළමයෙක් ඉස්සරහ එහෙම කියන්න එපා. වස ලැජ්ජාව එහෙම උනොත්"



"එහෙම කියන්නවත් පොඩි එකෙක් ඉන්නවා කියලද මට? කොහෙද ඔයාලට ඒ ගැන කිසි උනන්දුවක් නෑ. මන් මැරිලා යයි ඔයාලා ළමයි හදන්න කලි...."







අප්පා එහෙම කියද්දි මන් වටපිට බැලුවේ jungkook එහෙම ළඟ පාත ඉන්නවද කියලා. එයා හිටියේ නෑ. සමහරවිට කාමරයට යන්න ඇති.






"අප්පා මොනාද මේ කියන කතා.. 63 කියන්නේ වයසක් ද? අහ් විකාර අප්පා ගේ"

"ඔව් ඔව් විකාර තමා. ඇත්ත ටම මන් මේ අහන්නේ මට මුණුබුරෙක් මිණිබිරියක් එහෙම දකින්න වාසනාවක් නැද්ද?"

"අප්පා....."

"ඔව් ඔව් Minsun අප්පා තමා මන්. අම්මෝ කෙල්ලගේ ලැජ්ජාව. ඒක නෙමෙයි මන් මේ divorce case එක file කරන්න කලින් තව ටික කාලයක් බලන්න හිතුවා"

"Hm.... ඒ ඇයි අප්පා??"

"මේකයි.... දුවට මේ ගැන තේරුණා ද මන්දා... හැබැයි අපේ එකා ගිය සති දෙක තුනේ මාර වෙනස් නේ"

"අහ්.... මන්... මන් හිතුවේ ඒක මට විතරක් දැනුනා කියලා"


"නෑ නෑ... කොල්ලා දුව ගැන වගේම මන් ගැනත් හොයලා බැලුවා. ලොකු වෙනසක්. අපි ටික කාලයක් තව බලමු. ඒත් ඒ දුව කැමති නම් විතරයි"


"අප්පා... අප්පා දන්නවා නේ මගේ උත්තරේ. මට කොහොමත් Jungkook ව divorce කරන්න ඕනි නෑ. ඕනි වෙන්නෙත් නෑ.. මන්... මන් එයාට...."


මට එච්චරයි කියාගන්න පුළුවන් උනේ.. මට ඇඬුණා.

"ශ්... ශ්... අඬන්න එපා Minsun. මේක අඬන්න වේලාව නෙමෙයි. මන් දන්නවා මගේ නසරාණි කොල්ලා මගේ දුවට කොච්චර කරදර කලත් දුව ඉවසුවා. ඉවසනවා. ඉස්සරහටත් එහෙමයි කියලා. ඒ තරම් ම ඉවසන්න හේතුවත් මන් දන්නවා. තාමත් Minsun ඔයාගේ මේ පුංචි හිත තියෙන්නේ Jungkook ගාව. ඔයා තාමත් jungkook ට ආදරෙයි. ආදරේ ලබාගැනීමක් නෙමෙයි පරිත්‍යාගයක් කියලා ඔයා ඔප්පු කලා දුව. මට ආඩම්බරයි. ඒ වගේම කේන්ති. මගේ කොල්ලා නිසයි දුව විඳින්නේ විඳවන්නේ"






"අප්පා....."


තවත් මගේ කටින් වචන පිට උනේ නැති උනත් හිත නම් කැගැහුවා වෙනදා වගේම මට විතරක් අහෙන්න.

අප්පා වත් බදාගෙන වරුවක් ම අඬන්න ඇති මන්. අප්පගේ තුරුලෙම නින්ද යනකන් ම මන් අඬලා.













මූණට වැටුන තද ඉර එළිය නිසා මාව ඇහැරුනත් මන් හිටියේ ඇඳේ.. අප්පා ගාව sofa එකේ ඉඳපු මට නින්ද යන්න ඇති. ඒත් කොහොමද මන් මෙතන ට ආවේ?





බැරිවෙලාවත්......

Jungkook......



Jungkook මාව අඳට අරගෙන ඇවිත් ද?














Hwani pov




වේලාව පාන්දර දෙකයි. Hospital එකේ patients ලගේ data file එකක් හදන ගමන් හිටපු මට msg එකක් ආවා.


Msg එක දැක්කම ඇත්තට ම මට කේන්ති ගියා.

මොන විකාරයක් ද මන්දා. දැන් දවස් දෙකක් තිස්සේ දවසට දෙපාර ගානේ එකම msg එක එනවා.

Msg එකේ තිබ්බේ මන් ළඟ ඉන්න කොල්ලගෙන් ඈත් වෙන්න කියලා.

මන් ළඟ ඒ වෙද්දී ආශ්‍රය කරපු කොල්ලෙක් ට කියලා හිටියේ Bright විතරයි. එයා famous actor කෙනෙක් නිසා මාව එයාගේ girlfriend විදිහට වරදවා තේරුම් අරන් එයාගේ fan කෙනෙක් මෙහෙම msg එවනවා කියලයි මන් හිතුවේ. ඒත් මේක මහ කරදරයක්. ඇයි මිනිස්සුන්ට බැරි idols actors ලට එයාලගේ නිදහසේ ඉන්න දෙන්න. මන් Bright ගේ girl friend නෙමෙයි නිසා මේ msg ගනන් ගත්තේ නැති උනත් ඇත්තටම ඒක හරි වදයක්. 








ආපු  කේන්තියට phone එකත් පැත්තකට දාලා මන් ආයෙත් කර කර හිටපු වැඩේ පටන් ගත්තා.






















?????? Pov

"Boss මන් Bright කියන නළු කොල්ලා ගැන වැදගත් විස්තර වගයක් හොයාගත්තා. මන් ඔක්කොම sir ට මේල් කලා"






"Hm හරි. ගොඩක් හොඳයි. තමුන්ගේ ගාන මන් දැන් account එකට දාන්නම්. අර කොල්ලා පස්සෙන් වෙන එකෙක් දාලා තමුසේ කෙල්ල පස්සෙන් ඉන්නවා. මතකනේ... කෙල්ලට හිරෙන්නවත් බෑ"





"හරි බොස්"



















කතාව කියවන හැමෝටම Thank you 💜

I purple you 💜

RescuedWhere stories live. Discover now