" හහ්....මං දැක්ක පන්ඩිතම ඩොක්ටර් තමුන් හේෂ්..
කෝ ⁣..! මේ ටැබ්ලට් ටික බීලා හාන්සි වෙන්න ..
.....ම් !........."


ජානුල්‍යගේ සිනව තවත් පුළුල් වෙද්දී .....තෙවාන් ඔහුව ඇදේ හාන්සි කරවන්න විය..
බ්ලැන්කට් එකද නිසි අයුරින් සකස් කර ඔහුගේ හිසත් යන්තමින් පිරිමැද අඩකට වඩා හිස් කල කැඳ බඳුන රැගෙන ඔහුගේ කුටියෙන් නික්මිය..

රාත්‍රිය පහන් වනතුරුත් ඔහු ළඟ රැදි ,
විටින් විට ඔහුගේ උණ ගතිය පිරික්සමින් සිටි තෙවාන්.... එලිවෙන්න හොරා දෙකක් පමණ මත්තෙන් ඔහු ළඟින් ඉවත්ව තම කුටියට ගියේ මේ වෙද්දි ජානුල්‍යගේ උණ ගතිය සම්පුර්ණයෙන්ම පහව ගොස් තිබුන හෙයින්...


" Good Morning දොස්තර මහත්තයා .........
දැන් කොහොමද "



" දැන් හොදයි අකී..! "

පෙර දින රාත්‍රියේ ඔහුගේ උවනෙන් දිස් වු තෙහෙට්ටු ගතිය දැන් නම් ඇත්තෙම නැති තරම් ...

තෙවාන්ට දැනුනේ සතුටක්......

හිත ඇතුලේ දැනුන සතුට නොදැනීම සුන්දර සිනාවකින් එලියට ආ බවක් ඔහුට ගානක් නැත...
නමුත් ,
ජානුල්‍ය නම් ඒ සීනාව දෙස බලා සිටියේ පුදුමයෙන්,
මංද ඔහු මෙසේ සිනා සෙන ප්‍රථම වතාම මේ නිසයි..


" මොකෝ දොස්තර මහත්තයා බය වෙලා වගේ.."



" ක්හම්.. ක්..හ..ම්..
ම..මං.. ??? "


" ආ මෙන්න ටී එක හේෂ්..."




" නිදිමැරුවද අකීල් ? .......ඇස් යට කළු වෙලා,
යන්න ගිහින් අයිස් කුයුබ් ටිකක් තියාගන්න.."

එය නම් අණක් වගේ


" පිස්සු ද මං මොනවට නිදි මරන්නද ? "




" කාටද ඔය බොරැ කරන්නේ අකීල් .....
අමතක වුනා ද මං ඩොක්ටර් කෙනෙක් කියලා ආ..? "




" ඔයා දොස්තරනම් , මං කොන්දොස්තර ......
මෙන්න මෙහේ දීපන්! මග් එක බීලා ඉවරනම්... මගුලක් කියෝනවා "




" සීරියස් කිවේ...අකීල්
කම්පිටිශන් එකට තව මාසයයි නේද ?
කෙයාලස් වෙන්න එපා.. පර්ෆෝමන්ස් එක විතරක් නෙවේ පෙනුම ගැනත් ටිකක් හිතන්න ...
මොකද ලොකු Fan බේස් එකක් හැදුනොත් ,
ඔයා ටීම් එකකට නෙවේ ....ඔයාට ටීම් එකක් හදන්න පුළුවන් ඔයාගේ දක්ෂකමත් එක්ක.."



🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें