Part 02 Chapter 05

23 1 0
                                    

Jungkook p.o.v.

Taehyung - ඉතින් ජන්කූක් , මට බය හිතුනා මගේ jennie , මගේ ළඟින් ඈතකට යයි කියල.... ඒක නිසයි මම එයාට එයාගෙ ඔම්ම කියල මගේ jennieව පෙන්නුවෙ.... එතකොට එයා අඩුම තරමෙ හිතනව නෙහ් එයාට ඔම්මා කෙනෙක් ඉන්නව කියල... එතකොට එයාව කාටවත් රවට්ටන්න බැරි වෙයි.... එතකොට කාටවත් එයාව මගෙන් ඈත් කරන්න බැරි වෙයි... කියල මම හිතනවා....

Jungkook - ඒකත් හරි තේ... ඒත් ඔයාගෙ මේ ඉක්මන් තීරණය හින්ද කරදර ඇති වෙන්නත් පුළුවන්....
කොහොම වුනත් මම ඔයත් එක්ක හැමදේටම ඉන්නව තේ...

මම එහෙම කියල තේගෙ හිත හදන්න උත්සාහ කලා...

මම තේ ගැන හොඳට දන්නවා... එයා කොයිම වෙලාවකවත් කලබල වෙලා තීරණ ගන්න කෙනෙක් නෙවෙයි...ඒත්.... මේ වගේ ගොඩක් සීරියස් තැන් වලදි තේහියුං පොඩි ළමයෙක්ටත් වඩා අන්ත විදියට මෝඩ තීරණ ගන්නවා...

අන්න ඒ හේතුව නිසයි මම මේ හැමදේකම අග මුල හොයන්න තීරණය කලේ... ඒත් ඒක කරන්නෙ කොහොමද කියල කල්පනා කර කර ඉන්නකොට තමයි මට මතක් වුනේ හෝසක්ව... එදා jennieව බේරගන්න හෝසක් තමයි යූන්ගිට headquarters වල location එක track කරල දුන්නෙ.... මම යූන්ගිගෙන් හෝසක්ගෙ number එක ඉල්ලන් එයාගෙන් උදව්වක් ගත්ත නම් හරි...

එහෙම හිතාගත්තු මම තේහියුංව මගේ කාමරේ තනි කරල එළියට ගියේ තේට හොරෙන් යූන්ගිගෙන් හෝසක්ගෙ number එක ඉල්ලගන්නයි...

ඉක්මන්ටම යූන්ගිගෙ කාමරේට ළං වුන මම හෙමීට දොරට තට්ටු කලා...ඒත් කිසිම ප්‍රතිචාරයක් නම් ලැබුණෙ නෑ

Jungkook - ආයිශ්... මේකා අනිවාර්යයෙන් පොරෝගෙන හොඳට නිදි ඇති

මම හිතෙන් යූන්ගිට බැන බැන ඉන්නකොට බලාපොරොත්තු නොවුන විදියට ජිමින් බාගෙට බොත්තම් දෙකක් විතර දාගත්ත shirt එකක් ඇඳන් එළියට ආවේ කොණ්ඩෙත් හොඳටම අවුල් කරන්...

Jungkook - Omg jiminah.... what is going on here...

Jimin - තමුසෙට මොකටද යකෝ ඒක... මටත් මගේම කියල පෞද්ගලික ජීවිතයක් තියෙනව.... දැන් කියහංකො මොකටද ආවෙ කියල....

මම ජිමින්ගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් හිමින් නැවිල කාමරේ අස්සට ඔළුව දැම්මෙ මෙතන වෙන්නෙ මම හිතන දේමද මෙතන වෙන්නෙ කියල දැනගන්නයි...
දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ!

Break Out (Ongoing)Where stories live. Discover now