මනොබාල් 9

235 41 29
                                    

කෝඩ්‍රන් හි රජු ගේ මලසිරුරු ආදාහනයෙන් පසු ජෙනී ඇතුළු නයිට් වරු වට මේසයේ එක්රොක් වී ඉදිරියේ දී කළ යුතු දෑ පිලිබඳ සාකච්චාවක නිරත වුණා. කෝඩ්‍රන් රාජ්‍ය යුහාන් රාජ්‍ය වෙත යටත් වීමෙන් පසුව එහි ආරක්ෂාවට සිටි කැමරන් නයිට් වරු නැවත ඔවුන් ගේ මව් රාජ්‍ය වෙත පලා ආවා. ඒ අනුව සර් ලාන්ස් ඇතුළු නයිට් මණ්ඩලයේ අනෙකුත් සියලු දෙනාම වටමේසයේ සිටියා. ජෙනී ගේ දෙපසින් ජිසූ සහ රෝස් ද රෝස් ට පසෙකින් මදක් පිටුපසට වෙන්න ලීසා ද සිටියා.

"අපට මීට වඩා ආරක්ෂාව තර කරන්න වෙයි. අවසානයට ඉතුරු වෙලා ඉන්නෙ අපි විතරයි.." මේසය මද්‍යයේ තිබෙන සිතියම පෙන්වමින් ජෙනී පැවසුවා. එහි රාජ්‍යයන් පහෙන් හතරක්ම රතු පැහැයෙන් අඳුරු කර තිබුනේ යුහාන් රාජ්‍ය යටත් කර ගත් රාජ්‍යයන් හතරයි. කැමරන් රාජ්‍ය පමණක් සිතියමේ සාමාන්‍ය පැහැයෙන් යුක්ත වුණා.

"උත්තමාවිය, මාණික්‍ය දැන්වත් ඔබ අතට ගත්තොත් හොද නැද්ද?" එක නයිට් වරයෙක් විමසුවා.

"නැහැ.. එය දැනට තිබෙන තැන ඉතාමත් ආරක්ෂිතයි. එය ගෙන ඒමට යන එක අවදානම්. අපි දන්නේ නැහැ මේ වෙලාවේ කා විශ්වාස කරන්නද නොකරන්නද කියා.. අපි නොදැනුවත්වම මෙහි සතුරෝ සිටිනවා ද දන්නේ කවුද?" ජිසූ ලීසා වෙත දෑස් හීනි කර බලමින් පැවසුවා. ලීසා ට නම් ඒ පිලිබඳ තැකීමක් නැහැ වගේ, ඇය සන්සුන්ව දෑස් පහලට යොමාගෙන බලා සිටිනවා ජෙනී දුටුවා. 'ජිසූ කොහොමත් ඇයව සැක කළා නේ' කියා සිතූ ජෙනී දෑස් කණිකා ඉහල යවමින් ජිසූ දෙස බලා නැවත කතාව ආරම්භ කළා.

"ජිසූ මෙනෙවිය කියන කාරණයට මා එකග වෙනවා. එය එහිම තිබෙද්දෙන්."

අනෙක් සියලු නයිට් වරු ද තමාගේ රැජින ගේ තීරණයට එකග වුණා.

"උත්තමාවිය.. යමෙක් පැමිණිලා." පිටත සිට සේවිකාවකගේ කටහඬක් ඇසුනා.

"කැඳවන්න!"

අවසරය ලැබුණු පසු එම පුද්ගලයා ශාලාව තුලට පැමිණියා. ඇඳ සිටි වැරහැලි වූ ඇඳුමින් ඔහු කුඩා ගමක ජිවත් වන ගොවියෙක් කියා පෙනුනා. ජෙනී ව දුටු සැනින් එතනම දණ නමා ඔහු වැඳ වැටෙන්න ගත්තා.

මනොබාල් [GL](Slow Updates)Onde histórias criam vida. Descubra agora