කෝ jungkook???
මට සද්දෙ ඇහුනා එයා මගේ පස්සෙන් එනවා. ඒත් එයා room එකට ඇවිත් නෑ.

මන් Room එකෙන් එලියට ඇවිත් බැලුවේ jungkook කොහෙද කියලා. බැරිවෙලාවත් මාව මඟහැරුණා වත් ද?

Hospital එකේ කොරිඩෝව දිගේ ටික දුරක් යනකොට මන් දැක්කා jungkook ඉන්නවා.

එක තැන හිටගෙන.බිම බලාගෙන... ඇසුත් වහගෙන...

"Jungkook......"

ඇහෙන නෑහෙන ගානට මන් jungkook ට කතා කලා.

ඒත් jungkook නෙමෙයි ඔලුව උස්සලවත් බැලුවේ.

ඒත් එකපාරටම ම ලොකු හුස්මක් පිට කරලා එයා අප්පා ගේ room එක ඉස්සරහ දොර ගාව නතර උනා.

දොරේ ලොක් එක අතින් අල්ලගෙන හෙලවෙන්නවත් නැතුව ආයෙත් එයා බිම බලාගෙන ඉන්නවා.

මට තේරුණා එයාට තාත්තා ට මූණ දෙන්න බැරුවයි ඉන්නේ කියලා.

"Jungkook අප්පා නිදි"

Jungkook ළඟට ගිහින් මන් එහෙම කිව්වා.

තවත් ලොකු හුස්මක් පිට කරලා එයා room එක ඇතුලට ගියා.

Jungkook ට ටිකක් තනියම ඉන්න දෙන්න ඕනි කියලා හිතුන නිසා මන් ඇතුලට නොයා එළියේ තිබ්බ පුටුවකින් ඉඳගත්තා.


පාන්දර 4 වගේ වෙනකන් මන් පුටුවෙ ම හිටියා. නිකමට වගේ දොර පොඩ්ඩක් ඇරලා බැලුවේ මන් jungkook හොඳින් ද කියලා.

Jungkook අප්පා ඉන්න ඇඳෙන් ඔලුව තියාගෙන ඉන්න විදිහෙන් කියන්න පුළුවන් එයාට නින්ද ගිහින් කියලා.

ඒ නිසා මාත් room එක ඇතුලට ගිහින් පුටුවක් අප්පා ගේ ඇඳ ළඟට කරගෙන ඉඳගත්තා.


අප්පයි පුතයි දිහා බලන් හිටපු මට ත් නින්ද යාගෙන එනවා වගේ තේරුන නිසා මන් ඇස් දෙකත් පියාගෙන ම අප්පා ගේ ඇඳේ කෙලවරකින් ඔලුව තියාගත්තා.









Jungkook pov


අප්පා.... ඇයි අප්පා එහෙම දෙයක් කලේ? මන්...
මන් කොහොමද Minsun ට මුණ දෙන්නේ? මන්.... කොහොමද?.....

Flashback........

Minsun රූම් එකෙන් එලියෙ හිටපු වෙලේ අප්පා ඇහැරුනා.
ඒ වෙලේ මට කර ගන්න දෙයක් නැති උනා. මොකද මන් අප්පා ට මූණ දෙන්න අකමැති නිසා. හැදුවේ එතනින් නැගිටලා යන්න. ඒත් අප්පා කතා කලාම කවදාවත් නැතුව අද මන් එ වචන වලට අවනත උනා.




"මන් කියන දේ හොඳට අහගන්න පුතා. මන් දන්නවා ඔයාට බෑ කියලා මාත් එක්ක කතා කරන්න. ඒත්.... අඩුම තරමේ... මන් කියන දේ වත් අහන් ඉන්න"


තාත්තා ට කියාගෙන යන්න ඉඩ දීලා මන් ඉඳගෙන හිටපු තැනින් ම ආයෙත් ඉඳගෙන ඔලුව බිමට හරවන් හිටියා.


"පුතා Minsun ගැන හිතන් ඉන්නේ වැරදියට. ඒ කෙල්ල කිසි වැරද්දක් කරලා නෑ පුතේ. මන් ගත්තු මෝඩ තීරණ නිසයි ඒ කෙල්ල අද මෙහෙම දුක් විඳින්නේ. පුතාටත් කිසි සතුටක් නැත්තේ ඒකයි. ඒත්.... ඒත් පුතා plan කරන් හිටපු විදිහට yura ව marry කලානම් අද මීට වඩා පුතා පසුතැවිලි වෙනවා. ඒක මට එදා දැනුන නිසයි මන් පුතාට Minsun ව ලං කලේ. නැතුව ඒ කෙල්ල ඇවිත් පුතාගේ ඇඟේ එල්ලුනා නෙමෙයි පුතේ..."



































කතාව කියවන හැමෝටම Thank you 💜

I Purple You 💜

RescuedWhere stories live. Discover now