"මොකක්... ඒ පාර උඹ බෝරුත් කියන්න පටන් ගත්තද? බොරු කියද්දී පොඩ්ඩක් හිතලා කියනවා"

"Jeon jungkook... තමුන් ගේ තාත්තා hospital එකේ පන අදිනවා. මන් යනවා හොස්පිටල් එකට"


හිතට ආපු කේන්තියට මන් පුළුවන් තරම් හයියෙන් එහෙම කියලා කෑගැහුවා. තවත් jungkook ළඟ ඉඳලා තේරුමක් නැති නිසා මන් කාමරේ ට ගියේ ඉක්මනට ඇඳුමක් දාගෙන එන්න.


මන් එළියට බහින්න හදද්දී jungkook එළියේ car එකත් start කරගෙන ඉන්නවා.

"බලන් ඉන්නේ නැතුව නගිනවා"

කියපු දේ තේරුන වෙලාවේ මන් ඉක්මනට jungkook ගේ car එකට නැග්ගා.

"මාස්ටර් මට සමාවෙන්න කලින් කතා කර...."

"කට වහපන්. කට වහගෙන හිටපන්. මන් ඒ ගැන තමුන් එක්ක පස්සේ බලාගන්නම්"

Car එකේ තිබ්බ නිහඬ තාව දරාගන්න බැරි නිසා මන් කලින් jungkook ට කෑගහපු එකට සමාව ගන්න හදද්දී ලැබුන ප්‍රතිචාරය තමයි ඒ.

මේ අවුරුදු කිහිපය පුරාවට ම මන් මේ තරම් උස් හඬින් jungkook ට කතා කරලා නෑ කවදාවත්. ඒ වෙලේ එහෙම නොකලනම් මට hospital එන්න වෙන්නේ නෑ. Jungkook ගේ punishment නිසා.

එන්න එන්නම jungkook car එක වේගෙන් drive කරනවා. පාන්දර නිසා වාහනත් අඩුයි. ඒත් හිතට දැනෙන්නේ අමුතු බයක්. සැරින් සැරේ steering wheel  එකට තද වෙන jungkook ගේ අත් මන් ඇස් කොනින් දැක්කා.




ඇඳන් ඉන්න ඇඳුම අතින් තද කරලා  අල්ලගන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.

පැයක ගමනට jungook ට ගියේ පැය භාගේ කටත් වඩා අඩුවෙන්. ඒ තරම් ම තිබ්බ තරහ ලොකු උනා.

අප්පා ගේ ගෙදර වැඩ කරන කෙනා කිව්ව room එකට මන් දිව්වා. Jungkook මගේ පස්සෙන් එනවා කියලා දැනුන නිසාම එයාට කතා නොකර මන් දිව්වා.

Room එකට යද්දී අප්පා ට නින්ද ගිහින්. මැෂින් ගොඩක් ඇඟට සම්බන්ධ කරලා. ඔක්සිජන් මාස්ක්  එකකුත් දාලා.

අප්පා දිහා බලද්දි ම මගේ ඇස් වලට කඳුළු ආවා. ඇයි මෙහෙම වෙන්නෙ හොඳ මිනිසුන් ට ම.

ඉක්මනට සනීප වෙන්න අප්පා. ඔයාගේ ලේලි.. නෑ ඔයාගේ දුව බලන් ඉන්නවා.

RescuedWhere stories live. Discover now