🟢meet again ✍️

Start from the beginning
                                    

ඊට පස්සෙ මම නිකීගෙ උදව් එක්ක ඒ සල්ලිවලින් බාගයක්ම අරන් මටම කියලා ඉන්න පොඩි ගෙදරක් ගත්තා..මොකද මට නිකීලගෙ ඩෝම් එකේ ඉන්න බෑනෙ ඒක බෝයිස් එකක් නිසා..එදයින් පස්සෙ මට ස්කූල් යන්න ඉගෙන ගන්න පොඩිමහරි බලාපොරොත්තුවක් දුන්නෙ නිකී..ඒත් මම හිතුවෙ නෑ එදා ඒ අහම්බෙන් හරි මගේ ඇගේ හැප්පුනු කෙනා මාව ඉස්සර බලා ගත්තු ජොන්ග්සොන්ග් ඔප්පා කියලා...මට මේක විශ්වාස කරන්නත් බෑ..මම එයාට වගේම එයත් මට ගොඩක් ආදරය කළා...ඒ ආදරේ අදටත් එහෙමයි...

y/n's pov end..

Back to the situation..

Beomgyu : සර් !! එතකොට ?? මෙයාද සර් අර හැමදාම වගේ එයි එයි කියලා මග බලන් හිටිය ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ???

මෙච්චර වෙලාවක් නිශ්ශබ්දව සේරම බලන් හිටිය බොම්ග්‍යුට තවත් නම් කට කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා..

jay : බොම්ග්‍යු !! මේ එයාම තමයි...ඉර පායන්නේ ඇයිදැයි නොඅසන්න...

y/n : කුරුල්ලන්ගේ ගමන් මග කොහේදැයි නොසොයන්න...

beomgyu : වාව්..වාව්...ඒ කියන්නෙ උඹලා දෙන්නටම "මතක සියයක" පොතේ හැම ඡේදයක්ම වගේ මතකයි නේහ්?? එහෙනම් අනිවා මේ තමා එයා !! කන්ග්‍රැඩුලේෂන්ස් දෙන්නටම...

"මතක සියයක" කියන පොත ජේ ඉස්සර හැමදාම වගේ කියවන පොතක්..y/n ජේ එක්ක හිටිය දවස් ටිකට එයත් ඒ පොතට ගොඩක් ආස වුණා.මොකද ඒ පොතේ ගොඩක් තියෙන්නෙ ධනාත්මක වදන්..අන්තිමට එයාලට එයාලව අදුන ගන්නත් උදව් වුනේ ඒ වදන්ම තමා...

y/n : ඔප්පා ! නිකී ?? අනේ මට නිකීව හොයලා දෙන්න !!

jay : හරි හරි..අඬන්න එපා දැන්..අපි දැන් යමු පොලිසියට ?? ඊට පස්සෙ බලමු සිද්ධ වුන දේවල්..

y/n : ඒත්..අද මං සේජියි මල්ලියි එක්ක ඉන්න ඕනි..මල්ලිට සනීප නැතුව මට සේජිව තනියම දාලා යන්න බෑ..මට සමා වෙන්න !

beomgyu : ඒකට කමක් නෑ අනේහ්...අපි මෙහෙ ඉදන් අපේ වැඩේ කරමු !?

බොම්ග්‍යුගෙ කටින් ඔය වගේ දෙයක් පිට වුන පළවෙනි වතාව තමා ඔය..

අන්තිමට එයාලා ස්වෙජිලගෙ ගෙදරට වෙලාම නිකී ගැන තොරතුරු එකතු කරන්න පටන් ගද්දිත් වෙලාව පාන්දර තුනට විතර ඇති...ඒ වෙලාවෙ ඩොන්ග්ප්‍යොට නින්ද ගිය නිසා සේජිත් පහළට ඇවිත් සේරම විස්තරේ ඇහුවයින් පස්සෙ එයාලට උදව් වුණා...

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now