හතළිස් එක්වන පරිච්ඡේදය

366 66 40
                                    

සයනයට වී සිටි ධ්වජේශ්වර අසහාය කොපුවෙන් පිටතට ගෙන එය ඔප දමමින් සිටියේය.වටින් ගොඩින් අඳුර වැටීගෙන එමින් තුබුණද සන්ධ්‍යා දේශනය අවසන්ව රුද්‍රාර සමගම ඇඳුරු කුටියට පැමිණි සරයු සහ වායු තවමත් ශිෂ්‍ය නේවාසිකාගාරයට පිටව ගොස් නොතිබිණ.

පැමිණියේ සූර්යවාර ඇඳුරුන්ගේ සුව දුක් විමසීමේ අපේක්ෂාවෙන් වුවද ඇඳුරුන්ගේ සයනය අසල වූ පළතුරු පැස දුටු සරයුගේ අපේක්ෂාව එකෙණහිම වෙනස් වී ගොස් තිබිණ.අඩියට දෙකට ධ්වජේශ්වරගේ සයනය අසලට පැමිණි සරයු පැස වටා සිය දෑත යැවුවේ ධ්වජේශ්වර දෙසට කපටි කෙළිලොල් සිනහවක්ද පාමිනි.ඔහු මෙම දින කිහිපයට මෙහි පැමිණි සෑම අවස්ථාවකම වූයේ මෙයම බැවු මතකයේ තබාගෙන සිටි ධ්වජේශ්වර ඔහු දෙසට අනුමත කරවන සුලු කාරුණික සිනහවක් පෑයේ සරයු පසුපසින්ම පැමිණි වායු ඔහුගේ හිස මතට සුපුරුදු ටොකු පහර දෙවද්දීය.

බහ තෝරන වියේ හිඳම වායුගේ ටොකු පහරට හුරු වී සිටි සරයුට එය ගණනකට නොවද්දී එක් අතකින් පැස තුරුලට ගත් ඔහු අනෙක් අතින් හිස පිරිමදිමින් වදනකදු තොරව ගොඩ වැදුනේ කුටිය කොණක ඇති රුද්‍රාර මේ දිනවල නිදන දිගු අසුන මතටය.

දැන් ඉතින් ඔහුටම සිතී නැගී සිටින තාක් කල් ඔහු ඔතැනින් සෙලවීම නම් කළ නොහැකි බැවු අනෙක් තිදෙනා දැන සිටියහ.සිය හිතුවක්කාර සොහොයුරා දෙසට සුසුමක් හල වායු වෙනදා පුරුදු ලෙසින්ම ධ්වජේශ්වරගේ සුව්‍යාධී දේශන සැකසුම් සඳහා රුද්‍රාර හට සහය වන්නට ගියේ සරයු සහ ඔහුගේ තුරුළේ ඇති පළතුරු පැස දැක කුඩා සිනහවකට රුද්‍රාරගේ මුවද විවර වද්දීය.

එයද හුදෙක් පලතුරු පැසක් පමණක්ම නොවීය.සෑම දිනෙකම මේධාවරිය විසින් සකසා එවන ලබන එය නේක වර්ගයේ පළතුරු කිහිපයකින් මෙන්ම ඇය අතින්ම සැකසූ ඉතා රසවත් රස කැවිලි කිහිපයකින්ද සමන්විත විය.එය ලැබූ පළමු දිනයේ සිටම එය පිළිබඳව ධ්වජේශ්වර විසින් එතරම් තැකීමක් කරනු නොලැබුවද නිවසේ සිටියදී නිවැසියන්ගේ සෙනෙහස ලබමින් රස මසවුලු බුදිනු ලැබ දැන් ආශ්‍රම භෝජනාගාරයේ ඒකාකාර ආහාර වේල් එපා වී සිටි සරයුට නම් එය වටිනා යමක්ම වී තිබිණ.ඉතින් දැන් දැන් ධ්වජේශ්වරගේ සයනය අසල තැබෙන පළතුරු පැසට සන්ධ්‍යාවේ සරයු අයිතිය කියනු ලබන අතර මෙහෙකරු විසින් ගෙනෙනු ලබන හිස් පැස දකින මේධාවරිය ඊටත් වඩා සතුටු වෙමින් සිටියාය.ධ්වජේශ්වර විසින් ඇඳුරු කුටියට තනිව නොඑන ලෙස තදින්ම ඇයට කියා සිටි මොහොතේ සිට ඇය මේ වන තෙක් ඇඳුරු කුටියට පැමිණියේ දෙවරකදී පමණය.ඒද ඇගේ පියාණන් සමගිනි.එනිසාවෙන් ධ්වජේශ්වර යම් තරමක සැනසිල්ලක් ලබමින් සිටියේ එහි පැමිණි මුල් දිනයේ ලද හැසිරීම අනුව ඇගෙන් මෙයට වඩා බලපෑම් සහගත ප්‍රතිචාරයක් වුවද,නැත.....ඇය තම වදනට කීකරු වුනාක් මෙන්ම මේ වන තෙක්ම වදනකින් හෝ එදින කියූ ආකාරයේ යමක් මතු නොකලාය.



_🔥භවාන්තර🔥_ [Historical BL]Where stories live. Discover now