තිස් හතරවන පරිච්ඡේදය

280 57 46
                                    

කිසිවෙකුටත් නොදැනී සූර්යවාර හා අනෙකුත් තැනැත්තා පසුපස ඇදෙන්නට ආරම්භ කළ රුද්‍රාර ඔහු දේශන ශාලාව තුළට කඩා වැදුනු මොහොතේම කවරෙක්දැයි හඳුනාගත්තේය.

පෙරදාක සූර්යවාර සිහිසන්ව සෘෂි නිවසේ සිටි දිනයේ ඔහු සමග සිටි අනෙක් මිනිසා මොහුය.මොහුගේත් මේඝාභය සෘෂිගේත් මණ්ත්‍රණයට සවන් දී හුන් අවස්ථාවේ සෘෂි විසින් මොහු ශ්වේත යන නාමයෙන් ඇමතූ බැවු රුද්‍රාරගේ මතකයේ තිබිණ.ඊට පසුවද දෙතුන් වරක්ම මොහු ඇඳුරු කුටිය ආසන්නයේ රුද්‍රාර විසින් දැක තිබිණ.

රුද්‍රාර නිවැරදිය.අසුබ ආරංචිය ලත් වහා ධ්වජේශ්වර සොයා ශ්වේත ලහි ලහියේ පැමිණ තිබිණ.හණි හණික සිය නිවස්නයට වැදි ධ්වජේශ්වර හා ශ්වේත සමග මේඝාභය සෘෂි සිය පෞද්ගලික කුටියට වැදෙද්දී සියල්ලන්ගේම දෑස් වැසූ රුද්‍රාර නිවසේ පියස්ස මත්තේ බඩ ගාමින් හුන්නේය.

"එවර කුමක්ද සිදු වී ඇත්තේ පුත......???"

"පෙර පැවසුවේ අතුරුදන්වීමක් සිදු වී ඇති බැවු පමණයි.විස්තර ඇතිව පවසන්න ශ්වේත....."

"එසේයි.....අතුරුදන් වීමක් වී ඇති බැවු සත්‍යයක්.කාල වේලාවන්ද නිවැරදී.....නමුත්....!"

නමුත්...........?

"අතුරුදන් වීම පංච ගාමයන්ගේ සීමාවෙන් එපිටයි......!!!'

"කුමක්.....???"

"එසේයි....මෙවර අතුරුදන් වීම පංච ගාමයේ බටහිර සීමාවෙන් ගාම ද්වයක් එපිට ගෝකුල ගාමයේ.....යොවුන් පිරිමි දරුවෙකු බවයි පැවසුනේ.......සවස් වරුවේ මිතුරන් සමග කෙළියට ගොසින් තිබෙනවා.නැවත නොආ නිසයි දෙමාපියන් සොයා ඇත්තේ......අමාවක දිනට පෙර දින සන්ධ්‍යාවේ ලෙසයි අතුරුදන් වීම වාර්තා වනුයේ......"

"කිසිත් විශේෂයක්.....???"

"එසේයි....ඔහුත් තුන් කුළුඳුල් අයෙක් බවයි පැවසුනේ......"

ධ්වජේශ්වර බරැති සුසුමක් හලේ නළල මධ්‍යයේ සුරතේ ඇඟිළි කිහිපයක් තද කරමිනි.මේඝාභය සෘෂි සිය අස්නේම ගැලී දුර්මුඛව හුන්නේය.ගැඹුරු මූසල නිහැඬියාවක මුළු කුටියම ගිලී තිබිණ.

_🔥භවාන්තර🔥_ [Historical BL]Where stories live. Discover now